››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

වැසි සහිත කාලගුණය දිගටම පැවතීම හේතුවෙන් සහන කටයුතු සඳහා හමුදා සහයවැසි සහිත කාලගුණය දිගටම පැවතීම හේතුවෙන් සහන කටයුතු සඳහා හමුදා සහය

වැසි සහිත කාලගුණය දිගටම පැවතීම හේතුවෙන් සහන කටයුතු සඳහා හමුදා සහය

[2018/10/09]

පවතින අයහපත් කාලගුණික තත්ත්වය පහව යන ලකුණු දක්නට නොමැති අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතී. දිවයිනේ නිරිතදිග ප්‍රදේශයෙහි පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් ඒ අයුරින්ම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තවද දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වලද මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව සඳහන්ය.

ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සහ නාවික හමුදා භටපිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග එක්ව කටයුතු කරයි. කැළණිය, උඩුගම, පිටිගල, නාගොඩ, වැලිපැන්න, හොරණ, බුලත්සිංහල, පාලින්ගණුවර, වලල්ල, යටදොලවත්ත, පුත්තලම සහ කැලණිමුල්ල යන ප්‍රදේශයන්හි ගංවතුර හේතුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් යොදවා ඇත. ආපදාවට පත් ජනතාවගේ හදිසි අවශ්‍යතා සඳහා යුද්ධ හමුදාව විසින් බෝට්ටු, යුධ ටැංකි (WMZ) සහ අයන් හෝස් රථ යොදවා තිබේ. යුද්ධ හමුදාව විසින් ගංවතුරට ගොදුරු වූවන් සඳහා සිදුකරන සහන කටයුතු අතර පිසූ ආහාර ලබා දීමද සිදුකරයි.

මේ අතර, පාලම්පිඩ්ඩි ප්‍රදේශයට ජලය ලබා දෙන පායන්කුලම් වැව් බැම්මෙහි ඇතිවූ කාන්දුවක් වැලක්වීමට හමුදා භටපිරිස් පියවර ගෙන තිබේ. ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළයාම හේතුවෙන් සිදුවීමට ගිය මහා විනාශයක් මමගින් වලක්වා ගැනීමට යුද්ධ හමුදා භටපිරිස් වලට හැකි විය.

මේ වනවිට පවුල් 12,440 ක් පමණ පීඩාවට පත්ව ඇති අතර ගංවතුර හා ඒ ආශ්‍රිත සිද්ධීන් හේතුවෙන් මරණ 9 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තවද 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකු අතුරුදහන් වී තිබේ. එමෙන්ම 5,800 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කර ඇත. රාජාංගනය, පොල්ගොල්ල සහ ලක්ෂපාන ඇතුළු ජලාශ කීපයක ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒවායෙහි වාන් දොරටු විවෘත කිරීමට ද සිදුව ඇත.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ