››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරය අදයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරය අදයි

[2018/10/10]

අද (ඔක් 10) ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 69 වන සංවත්සරය සමරනු ලබයි. වර්ෂ 1949 දී "ලංකා යුද්ධ හමුදාව" (Ceylon Army) ලෙස ආරම්භ කරන ලදුව 1972 දී රට ජනරජයක් බවට පත් වූ පසු එය ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාව’ ලෙස නම් කරන ලදී.

කුරිරු ත්‍රස්තවාදය දිවයිනෙන් මුලිනුපුටා දැමීමේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අනභිබවනීය කාර්යභාරයක් ඉටු කළේය. 2009 මැයි මාසයේ දී මානුෂීය මෙහෙයුම් අවසන් වීමෙන් පසු එය නව මෙහෙවරක් ආරම්භ කරමින් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට හා ජාතික සංවර්ධන මෙහෙයුම තුළ ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකරමින් සිටි.

වර්තමානයේ ප්‍රජා නිවාස ව්‍යාපෘති, සමාජ සුබසාධන වැඩසටහන්, ආපදා සහන සේවා සහ ජන ජීවිතය නගා සිටුවීම සඳහා වන අනෙකුත් ව්‍යාපෘති සඳහා යුද්ධ හමුදා භටපිරිස් යොදවා ඇත.

දිවයින පුරා විශේෂයෙන්ම ත්‍රිකුණාමලය, පොලොන්නරුව වැනි දිස්ත්‍රික්ක වල සහ වෙල්ලස්ස ප්‍රදේශයේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ පුනර්ජීවනයක් ඇතිකිරීම සඳහා වැව් සියගණනක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරම්භ කර ඇත.

යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන කොළඹ ආරක්ෂක සමුළුව, දියකාවා සහ මිත්‍ර ශක්ති වැනි විවිධ රටවල හමුදාවන් සම්බන්ධ වන යුධ අභ්‍යාස තුලින් අප භටපිරිස් හට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබාගැනීමටද අවස්තාව හිමිවී ඇත. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහා යුද්ධ හමුදාව සක්‍රියව දායක වී ඇත.

යුද්ධ හමුදාව සිය සංවත්සරය සැමරීම ආගමික උත්සව මාලාවකින් ආරම්භ කරන ලදී. මහනුවර ශ්‍රී දළදා මාලිගාව, අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ඇතුළු කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි විවිධ ආගමික ස්ථානවල ආගමික වතාවත් රාශියක් පැවැත්විණි. දැනට දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව පවත්වනු ලබන සරඹ පෙළපාලිය ලබන 18 වනදා පැවැත්වීමට නියමිතය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ 69 වන සංවත්සර පණිවිඩය පහතින්;


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ