››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

රාජ්‍ය අමාත්‍ය විජයවර්ධන මැතිතුමන් තායි නියෝජ්‍ය අගමැති හා ආරක්‍ෂක අමාත්‍ය ජෙනරාල් ප්‍රව්ට් වොන්ග්සුවෝන් මැතිතුමන් හමුවෙයි

රාජ්‍ය අමාත්‍ය විජයවර්ධන මැතිතුමන් තායි නියෝජ්‍ය අගමැති හා ආරක්‍ෂක අමාත්‍ය ජෙනරාල් ප්‍රව්ට් වොන්ග්සුවෝන් මැතිතුමන් හමුවෙයි

[2018/10/10]

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමන් සිව් දින නිල සංචාරයක් සඳහා පසුගිය සඳුදා (ඔක් 08) දින තායිලන්තය බලා පිටත් ව ගියේය. තායිලන්ත රජයේ ආරාධනාවක් මත රාජ්‍ය අමාත්‍යතුමන් මෙම සංචාරය සඳහා එක්විය.

මෙම සංචාරය සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා සහ ජ්‍යෙෂ්ඨ  හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ද එක්ව සිටි.

මෙම සංචාරය අතරතුරදී රාජ්‍ය අමාත්‍ය විජයවර්ධනයන් පසුගිය අඟහරුවාදා (ඔක් 09) තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම ආරක්‍ෂක අමාත්‍ය ජෙනරාල් ප්‍රව්ට් වොන්ග්සුවෝන් (General Prawit Wongsuwon) මැතිතුමන් අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය. මෙම අවස්ථාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා මෙන්ම තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි ෂේනුකා සෙනෙවිරත්න මැතිනියද සහභාගී වූහ.

මෙහිදී තායි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා ආරක්‍ෂක අමාත්‍යතුමන් සිය ආරාධනය පිළිගෙන තම රටෙහි සංචාරයක නිරතවීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය විජයවර්ධනයන් වෙත සිය කෘතඥතාව පළ කළේය. දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතාවය වසර 60 ක් තරම් පැරණි ඉතිහාසයකට උරුමකම් කියන බවද එතුමන් සඳහන් කළේය. පසුගිය ජුලි මාසයේදී තායි අග්‍රාමාත්‍යතුමන් මෙරට සිදුකල සංචාරයේදී අප විසින් ලබාදුන් උණුසුම් ආගන්තුක සත්කාරය ඔහු අතිශයින් අගය කළේය.

රාජ්‍ය අමාත්‍ය විජයවර්ධන මහතා ද තායිලන්තයේ සංචාරයක් සඳහා තමන් හට අරාධනා කිරීම සබැදිව තායි රජයට සිය ස්තුතිය පළ කල අතර දිගු කාලයක් පුරා දෙරට අතර පැවති සංස්කෘතික, ආගමික හා වෙළඳ සබඳතා මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව ද තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. භූගෝලීය පිහිටීම අනුව මුහුදු මාර්ග හරහා සිදුකරන ජාත්‍යන්තර වෙළඳාමේදී හා ප්‍රවාහනදී ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කමද රාජ්‍ය අමාත්‍යතුමන් එහිදී සිහිපත් කළේය. 2019 වර්ෂයේදී ආසියාන් සංවිධානයෙහි සභාපතිත්වය මෙන්ම සත්කාරකත්වය හිමිවීම පිළිබඳවද රාජ්‍ය අමාත්‍යතුමන් තායි රජය වෙත සිය සුභාශිංසන පිරිනමනු ලැබීය.

රාජ්‍ය අමාත්‍යතුමන් සිය සංචාරය අතරතුර දී එරට වැදගත් ස්ථාන කීපයක සංචාරය කිරීමට ද අමතක නොකළේය.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ