››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

නාවික හමුදාව විසින් ඉරණතිව් දූපතේ පිහිටි සෙබමාලෙයි මාතා දේවස්ථානය අලුත්වැඩියා කරයි

නාවික හමුදාව විසින් ඉරණතිව් දූපතේ පිහිටි සෙබමාලෙයි මාතා දේවස්ථානය අලුත්වැඩියා කරයි

[2018/10/29]

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අලුත්වැඩියා කර පිළිසකර කරන ලද ඉරණතිව් දූපතේ පිහිටි සෙබමාලෙයි මාතා (Sebamalai matha) දේවස්ථානය පසුගිය සෙනසුරාදා (ඔක්: 27) දින ජනතා අයිතියට පත්කරන ලද බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මේ සඳහා නාවික හමුදාවේ බෞද්ධ සංගමයේ අරමුදලින් රු. 1,117,543.15 ක පිරිවැයක් දරා ඇති අතර නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නාවිකයින්ගේ ශ්‍රම දායකත්වය උපයෝගී කර කරගෙන ඇත.

මෙම උත්සවය යාපනයේ අගරදගුරු, ආචාර්ය ජස්ටින් බී ඥාණප්‍රගාසම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙම දේවස්ථානය නැවත විවෘත කිරීමේදී විශේෂ දේව මෙහෙයක් ද පවත්වන ලදී.

මෙම දේවස්ථානයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත සිදු කරන ලදී. නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙම මහඟු පුණ්‍යකර්මය, මෙම අවස්ථාවට සහභාගී වූ අතිමහත් බැතිමතුන්ගේ මහත් ඇගයීමට හා පැසසුමට ලක්විය.

මෙම අවස්ථාවට ආගමික නායකයන් රැසක් සහ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ