››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

රණවිරු හරිත අරණ ව්‍යාපෘතිය යටතේ යුද්ධ හමුදාව විසින් පැළ දහස් ගණනක් රෝපණය කරයි

රණවිරු හරිත අරණ ව්‍යාපෘතිය යටතේ යුද්ධ හමුදාව විසින් පැළ දහස් ගණනක් රෝපණය කරයි

[2018/10/29]

‘වනරෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පසුගිය සෙනසුරාදා (සැප් 27) දින තවත් දැවැන්ත පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලය මුලිකත්වය ගෙන කටයුතු කරන ‘රණවිරු හරිත අරණ’ ව්‍යාපෘතියේ අවසාන අදියර ලෙස, දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මුලස්ථාන 7 හි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අදාළ බල ප්‍රදේශයන්හි පැළ 6000 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදි.

මෙම වැඩසටහනේ ප්‍රධාන උත්සවය වවුනියාව, මැණික් ෆාම් යුද්ධ හමුදා ගොවිපලේ දී පවතී අතර එහිදී නමිනං, ලාවුලු, ගඩුගුඩා, සැපතිල්ලා, වීර, මෝරා, කොන්, මී, දං ආදි පළතුරු පැළ 150 ක් පමණ රෝපණය කරනු ලැබීය.

ජාතික පාරිසරික ආරක්ෂණය මුල්කරගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වසර ගණනාවක සිට මෙසේ පැළ රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරයි. මෙමගින් ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් හා සාමාන්‍ය ජනතාව ශාක රෝපණය කිරීම සඳහා පොළඹවාලීම පමණක් නොව දිළිඳු ජනතාවගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීමටද මෙම ව්‍යාපෘතිය මහත් පිටුවහලක් වනු ඇත.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ