››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

අසාධ්‍ය වූ ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය

රෝගාතුර වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

[2018/10/30]

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉරිදා (ඔක් 28) දින බහුදින යාත්‍රාවක සිටි හදිසියේ රෝගාතුර වූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලද බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

අම්බලන්ගොඩ ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “රං පුතා 06” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු මෙසේ හදිසියේ රෝගාතුර වී ඇත. ගාලු වරායේ සිට නාවික සැතපුම් 85 ක් පමණ දුරකදී රෝගියා වේග ප්‍රහාරක මුර යාත්‍රාව වෙත ලබා ගැනීමට නාවික හමුදාවට හැකිවිය. මෙම රෝගියා ගාල්ල වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව, කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය ශික්‍ෂණ, රෝහල වෙත ඇතුලත් කෙරිණි.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ