››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

බුරුන්ඩි උප ජනාධිපති නාවික හමුදා බෝට්ටු නිෂ්පාදනාංගනයේ සංචාරයක

බුරුන්ඩි උප ජනාධිපති නාවික හමුදා බෝට්ටු නිෂ්පාදනාංගනයේ සංචාරයක

[2018/10/31]

බුරුන්ඩි ජනරජයේ උප ජනාධිපති, අතිගරු ගැස්ටන් සින්ඩිම්වෝ (Gaston Sindimwo) මහතා පසුගිය ඉරිදා (ඔක් 28) වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා බෝට්ටු නිෂ්පාදනාංගනයේ සංචාරයක නිරත වූ බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

එහිදී බුරුන්ඩි දූත පිරිස නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන සෙඩ්රික් යාත්‍රා (Cedric craft) සහ වේව් රයිඩර් වර්ගයට අයත් යාත්‍රා (Wave Rider craft) පිළිබඳව විශේෂයෙන් නිරීක්‍ෂණය කලහ. බුරුන්ඩි ජනරජයේ අභ්‍යන්තර ජල මාර්ගවල ගමනාගමනය සඳහා මෙම යාත්‍රාවන් අනාගතයේදි මිලදී ගැනීමට ඔවුන් අපේක්‍ෂාවෙන් සිටී.

මෙම අවස්ථාවට බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවීන්ද්‍ර රණසිංහ යන මහත්වරුන් ද සහභාගී වුහ.

බුරුන්ඩි උප ජනාධිපතිතුමන් ශ්‍රී ලංකාවේ සිදුකරන නිල සංචාරය අතරතුරදී මෙසේ වැලිසර නාවික හමුදා බෝට්ටු නිෂ්පාදනාංගනය නැරඹීමට කටයුතු කර තිබේ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ