››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලාවක් හදාරන විදේශීය හමුදා නිලධාරින් පිරිසක් උතුරේ සංචාරයක

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලාවක් හදාරන විදේශීය හමුදා නිලධාරින් පිරිසක් උතුරේ සංචාරයක

[2018/11/02]

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලාවක් හදාරන විදේශීය හමුදා නිලධාරින් සහ එම පවුල්වල සාමාජිකයින් පසුගිය සඳුදා (ඔක් 29) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක 12 යටතේ පාඨමාලාව හැදෑරු විදේශීය හමුදා නිලධාරින්ගේ අධ්‍යයන කටයුතුවල කොටසක් ලෙස සිදු කළ මෙම සංචාරය අතරතුර දී යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කාර්යභාර්ය හා වගකීම් පිළිබඳව මෙන්ම පශ්චාත් ගැටුම්කාරී වාතාවරණයේ දී හමුදාව ලබාදුන් සහාය පිළිබඳවත් ඔවුන් දැනුවත් කරන ලදී. තවද, විදේශීය හමුදා නිලධාරින් යාපනය අර්ධද්වීපයේ වැදගත් ස්ථාන කිහිපයක ද සංචාරය කළහ.

මේ අතර, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ එම විදේශීය ශිෂ්‍ය නිලධාරි කණ්ඩායමම පසුගිය බදාදා (31) දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ද අධ්‍යයන චාරිකාවක නිරත විය. තව ද, ඔවුන් යාපනයේ සිට ආපසු පැමිණෙන අතරමඟ අලිමන්කඩ හසලක ගාමිණි ස්මාරකය වෙත සිය ගෞරවය පුදකිරීමට ද කටයුතු කළහ.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයට සපැමිණි විදේශීය ශිෂ්‍ය නිලධාරින් ‘කිලිනොච්චි ප්‍රතිසංධාන ක්‍රියාවලිය සහ නැවත පදිංචි කිරීම’ පිළිබඳ ඉදිරිපත් කිරීමක් මගින් දැනුවත් කරනු ලැබීය.

ඉන් අනතුරුව විදේශීය ශිෂ්‍ය නිලධාරින් සහ පවුල්වල සාමාජිකයින් පිරිස මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අධ්‍යයන චාරිකවක නිරත විය. එහිදී ඔවුන් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කාර්යභාර්ය හා වගකීම් පිළිබඳ දැනුවත් කරනු ලැබීය.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ