››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

‘සහසක් නිමැවුම් - 2018’ හි දී යුද්ධ හමුදා නව නිපැයුම් ඉදිරියෙන්

‘සහසක් නිමැවුම් - 2018’ හි දී යුද්ධ හමුදා නව නිපැයුම් ඉදිරියෙන්

[2018/11/03]

‘සහසක් නිමැවුම් - 2018’ ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් විවිධ නිර්මාණ ඉදිරිපත් කරන ලද අතර ඉන් නව නිපැයුම්කරුවන් 19 දෙනෙකු සිය නිර්මාණ වෙනුවෙන් රන්, රිදී හා ලෝකඩ පදක්කම් හිමි කරගනු ලැබු බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. පසුගිය සැප්තැම්බර් 14 සිට 16 දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවති ‘සහසක් නිමැවුම් - 2018’ ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් නව නිපැයුම්කරුවන් 29 දෙනෙකු නව නිර්මාණ ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා නව නිපැයුම් 335 ක් පමණ ඉදිරිපත් කර තිබුණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පර්යේෂණ, විශ්ලේශණ, යෝජනා හා සංවර්ධන ශාඛාව සහ ආරක්ෂක සේනා මුලස්ථානයන් එක්ව නව නිපැයුම් තරඟාවලියක් සංවිධානය කරන ලද අතර එහිදී නව නිපැයුම් 239 ක් එළිදක්වන ලදී.

එහිදි, ජෛවී අපද්‍රව්‍ය ගෑස් බලයෙන් පුලුස්සා බැහැර කරන උඳුන නිර්මාණය කළ ලාන්ස් කෝප්‍රල් ජේ.සී. අයි නිශාන්ති විසින් රන් පදක්කමක් දිනාගන්නා ලදී. එමෙන්ම වන අලි විකර්ශන පද්ධතිය, පා පැදියක් සඳහා නිර්මාණය කරන ලද ස්වයංක්‍රිය ගියර් පද්ධතිය සහ සාම්පල් මිඩ් (midi) පෑඩ් යන නිර්මාණ සඳහා රිදී පදක්කම් හිමිවිය. ඊට අමතරව නව නිර්මාණ 15 ක් සඳහා ලෝකඩ පදක්කම් හිමිවිය.

මෙම සම්මාන පිරිනැමීමේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ (ඔක් 29) දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ