››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යුද්ධ හමුදා භටපිරිස් විසින් උතුරු ප්‍රදේශයේ ආබාධිත වූවන්ට සහ පාසල් දරුවන්ට ආධාර ලබා දෙයි

[2018/11/06]

යුද්ධ හමුදා භටපිරිස් විසින් මඩු, තච්චානමරදමඩු ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත සිවිල් වැසියන් පිරිසකට මානුෂිය ආධාර ලබාදීමේ අරමුණින් පසුගිය දා කෘතිම අත්පා බෙදාදීමක් සිදුකරනු ලැබූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. කුන්ඩසාලේ පිහිටා ඇති ආබාධිතයින් සඳහා වූ මධ්‍යස්ථාන‍යේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් විසින් ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන් 16 දෙනෙකු වෙත සෙනසුරාදා (03) දින පැවැති උත්සවයක දී මෙසේ කෘතිම අත්පා බෙදාදෙනු ලැබීය.

මෙම සද් කාර්යය සඳහා කුන්ඩසාලේ පිහිටා ඇති ආබාධිතයින් සඳහා වූ මධ්‍යස්ථාන‍ය විසින් රුපියල් මිලියනයක පමණ මූල්‍යමය අනුග්‍රහයක් ලබා දී ඇත.

තවද මෙම උත්සවය අතරතුර දී පාසල් 06 ක පුස්තකාල සඳහා එක් පාසලක් වෙනුවෙන් රුපියල් 80,000/= ක වටිනාකමින් යුතු පොත් තොගයක් බැගින් ආසියානු පදනම විසින් පරිත්‍යාග කරනු ලැබීය. මීට අමතරව, අඩු ආදායම්ලාභි පවුල් වල තෝරාගත් සිසුන් 52 ක් සඳහා ඔවුන්ගේ අධ්‍යාපන තත්ත්වය නංවාලීම වෙනුවෙන් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ තොගයක් බෙදාදෙනු ලැබීය.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ