››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

නව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ලෙස ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා වැඩ භාර ගනී

නව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ලෙස ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා වැඩ භාර ගනී

[2018/11/05]

නව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා අද (නොවැ 05) දින අමාත්‍යංශයේ පවතී චාම් උත්සවයක දී සිය රාජකාරි ආරම්භ කළේය.

මහා සංඝරත්නයේ පිරිත් සජ්ගායනා මධ්‍යයයේ නව රාජ්‍ය අමාත්‍යතුමන් සිය තනතුරේ වැඩ භාරගනිමින් නිල ලියවිල්ලකට අත්සන් තබන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර යන මහත්වරුන්ද සහභාගී වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙනෙවිරත්න මහතා පසුගිය බ්‍රහස්පතින්දා (නොවැ 01) දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය සෙනෙවිරත්න මහතා, ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය සුරක්ෂිත කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය විසින් ඉටු කළ සේවාවන් පිළිබඳව සිය කෘතඥතාවය පළකළේය. තවද පොදු ජනතාව අතර සංහිඳියාව හා එකමුතුභාවය ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් කටයුතු කළ යුතු බව ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සියළු දෙනාගේ සහයෝගය ඉල්ලා සිටින බවද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහා සංඝරත්නය, අමාත්‍යතුමන්ගේ පවුලේ සාමාජිකයන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ