››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

උඩරට දුම්රිය මාර්ගය නැවත යථාතත්ත්වයට පත් කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

උඩරට දුම්රිය මාර්ගය නැවත යථාතත්වයට පත් කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

[2018/11/07]

බණ්ඩාරවෙල - බදුල්ල දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටිම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබු අතර, මේ පිළිබඳ සැලවූ වහාම යුද්ධ හමුදා සාමාජිකයින් යුහුසුළුව ක්‍රියාත්මක වී පස් ඉවත්කර දුම්රිය ගමනා ගමනය යථාතත්වයට පත් කරලීමට කටයුතු කල බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ඊයේ (නොවැ 06) උදෑසන කිණිගම දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයට කඩාවැටුණු පස් සහ ගල් ඉවත් කිරීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබා දී ඇත.

දුම්රිය සේවකයින් හා යුද්ධ හමුදා භටපිරිස් එක්ව බණ්ඩාරවෙලට පමණක් සීමාවී තිබු දුම්රිය ධාවනය නැවත යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ලදී. කඳුකරයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු නායයෑම් වාර්තා වී ඇත.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ