››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

රෝගාතුර ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා සහාය

රෝගාතුර ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා සහාය

[2018/11/08]

හෘදයාබාධයක් හේතුවෙන් රෝගාතුර වූ දේශීය ධීවරයකු කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලද බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. පසුගිය සඳුදා (නොවැ 05) දකුණු ප්‍රදේශයේ, ගන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ලක්සිරි 04’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු මෙසේ හදිසියේ රෝගාතුර වී ඇත.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කෙරුණි. ඒ අතරතුර ඉන්දියාවට අයත් වෙළඳ නෞකාවක් මඟින් එම රෝගි වූ ධිවරයා බහුදින ධිවර යාත්‍රාවෙන් රැගෙන ඇත. ඉන් අනතුරුව එම රෝගියා නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ආරක්ෂිතව නංවා ගෙන ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන එමෙන් අනතුරුව කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය, මහ රෝහල වෙත ඇතුලත් කෙරිණි.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ