››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

කාම්බෝජියානු නියෝජිතයින් පිරිසක් මුහමාලේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ස්ථානයේ සංචාරයක

කාම්බෝජියානු නියෝජිතයින් පිරිසක් මුහමාලේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ස්ථානයේ සංචාරයක

[2018/11/08]

කාම්බෝජියානු රජයේ බිම්වෙඩි පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ නියොජිතයින් 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (නොවැ 07) දින මුහුමාලයේ දී මානුෂීයවාදි බිම්වෙඩි ඉවත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම කාම්බෝජියානු රජයේ බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ නියොජිතයින් කණ්ඩායම ශ්‍රී ලංකාවේ මානුෂීයවාදි බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය අධ්‍යනය කරමින් ඔවුන්ගේ දැනුම වර්ධනය කරගැනිම මෙහි අරමුණ වේ.

සංචාරය අතරතුරදී, කාම්බෝජියානු රජයේ බිම්වෙඩි පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ මහලේකම් ප්‍රම් සෝපාක්මොන්කොල් මහතා (Mr Prum Sophakmonkol) විසින් මෙහෙයවන ලද දූත පිරිස, මුහමාලෙයි සහ යාබද ප්‍රදේශයන්හි හමුදා බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදු කරන ලදී. මුහමාලේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්ෂේත්‍රයේ සංචාරය කළ මෙම පිරිස, යුද්ධ හමුදාවේ සහ රාජ්‍ය නොවන බිම් බෝම්බ ඉවත් කරන්නන් විසින් ඉදිරිපත් කළ සජිවී නිදර්ශනයක් නැරඹීම තුලින් බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව ප්‍රයෝගික දැනුමක් ලබාගන්නා ලදි. තවද HALO නමැති රාජ්‍ය නොවන බිම් බෝම්බ ඉවත් කරන්නන් සංවිධානය විසින් සිදුකරනු ලබන කටයුතු නිරීක්ෂණය කිරීමට ද ඔවුන් කටයුතු කලෝය.

තවද, එම පිරිස දිවයිනේ රැඳී සිටි කාලය තුල කොළඹ පිහිටා ඇති ජාතික බිම් බෝම්බ ක්‍රියාකාරි මධ්‍යස්ථානයේ පැවති එක්දින වැඩමුළුවක් සඳහා ද සහභාගි වුහ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ