එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ආරක්ෂක ලේකම්
හමුවෙයි
[2019/02/06]
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ
ආඥාපති ලුතිනන් ජෙනරාල් ඩෙනිස් ගිලිස්පොරේ
(Lieutenant General Dennis
Gyllisporre) මහතා ඊයේ (පෙබරවාරි
05) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා
අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ආරක්ෂක ලේකම් ප්‍රනාන්දු මහතා සහ ලුතිතන් ජෙනරාල්
ගිලිස්පොරේ අතර සුහද සාකච්ඡාවක් පවතී අතර මෙම හමුව සිහිවීම සඳහා දෙදෙනා අතර
සමරු තිලින හුවමාරුවක් ද සිදුවිය.
පසුගිය මාසයේ (ජනවාරි 25)
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්වී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ
හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහයන් නිල වශයෙන් භාරදීම සඳහා පසුගිය සඳුදා
(පෙබරවාරි 04) දින ලුතිනන් ජෙනරාල්
ඩෙනිස් ගිලිස්පොරේ දිවයිනට පැමිණෙන ලදී.
|