››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

සයින්දමරුදු සිද්ධියේ මියගිය අයගේ මළ සිරුරු පොලිසිය විසින් වලදමයි

[2019/05/03]

සයින්දමරුදු ප්‍රදේශයේ දී පසුගියදා බෝම්බ පුපුරවාගෙන මියගිය වැඩිහිටි 10 දෙනාගේ සිරුරු පස්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසානයේ අද (මැයි 02) දින මිහිදන් කිරීමට පොලිසිය කටයුතු කර ඇත. ප්‍රදේශයේ ආගමික සංවිධාන විසින් බලධාරීන්ගෙන් කල ඉල්ලීමකට අනුව මෙම මල සිරුරු කිසිඳු ආගමික වත්පිළිවෙත්වලින් තොරව මිහිදන් කර තිබේ.

මෙම සිද්ධියේදී මිය ගිය දරුවන් හයදෙනාගේ මෘත ශරීර පමණක් නිසි ආගමික වත් පිළිවෙත් පැවැත්වීමෙන් පසුව මිහිදන් කරන ලදී. කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ අද පැවතී මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කරන ලදී.

තවද මරාගෙන මැරුණු බෝම්බකරු සහරාන් ගේ වැඩිමහල් සොහොයුරිය ඊයේ (මැයි 01) දින මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම සහරාන් විසින් ඇයව ලබාදෙන්නට ඇති සැකකරන රුපියල් ලක්ෂ 20 ක මුදලක් ඇය සන්තකයේ තිබී සොයා ගැනීමට පොලිසිය සමත් විය. ඉදිරි විමර්ශන කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතී.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා රට පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර රට පුරා ආරක්‍ෂාව තර කර තිබේ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ