››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

අන්තවාදී ත්‍රස්තවාදය විනාශ කිරීම ආරක්ෂක හමුදාව සිදු කරද්දී බහුජන සමාජයක සංහිඳියාව සුරැකීමේ වගකීම ආගමික නායකයන්ට පැවරෙන බව ජනපති පවසයි.

[2019/05/07]

කිසිදු විදේශීය හමුදාවක් මෙරටට ගෙන්වීමට තමා ඉඩ තබා නොමැති බව ජනපති අවධාරණය කරයි.

අන්තවාදී ම්ලේච්ඡ ත්‍රස්තවාදය ශ්‍රී ලංකා මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම ස්ථීර වශයෙන්ම අපගේ ආරක්ෂක හමුදාව ඉතා කෙටි කලකින් ඉටුකරනු ඇති බව සඳහන් කරන ජනාධිපතිතුමා රටේ ජනතාව අතර විශ්වාසය පළුදුවීමට ඉඩ නොතබා සියලු ජන කොටස් අතර අවබෝධය සහ සහෝදරත්වය ගොඩනැංවීමේ වැඩපිළිවෙළ ආගමික නායකයන්ට පැවරෙන බව සඳහන් කරයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (05) පස්වරුවේ කුරුණෑගල, වදාකඩ ශ්‍රී විජයසුන්දරාරාම ටැම්පිට පුරාණ විහාරස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තමා මෙරට ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති අතර කිසිදු විදේශීය හමුදාවක් මෙරටට ගෙන්වීමට ඉඩ තබා නොමැති බවයි. අයිඑස් වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් පරාජය කිරීමේ දී විදේශීය බුද්ධි අංශ ද අපගේ බුද්ධි අංශ සමඟ එක්ව කටයුතු කිරීම වැදගත් අතර, විදේශීය බුද්ධි අංශවලින් අවශ්‍ය ප්‍රයෝජන පමණක් ලබා ගැනීම රජයක වගකීම බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

අන්තවාදී සුළු පිරිසක් සිදු කළ මෙම ම්ලේච්ඡ ක්‍රියාව හේතුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙස සැකයෙන් බැලීම සුදුසු නොවන බව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ එය ජාතියක් ලෙස අප ඉදිරියට යන ගමනට බාධාවක් බවයි. එබැවින් ම්ලේච්ඡ ත්‍රස්තවාදය විනාශ කිරීම නියත වශයෙන්ම සිදු වන අතර රටේ ජන කොටස් අතර අවිශ්වාසය සහ බිය තුරන් කර සාමකාමී නිදහස් සමාජයක් සඳහා ද අප කඩිනමින් ප්‍රවේශ විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද අයිඑස් ත්‍රස්තවාදය ශ්‍රි ලංකාවට පමණක් නොව ඇමරිකාව, යුරෝපය වැනි ඉහළ ආරක්ෂක විධිවිධාන ඇති ලොව ප්‍රබල රටවලට ද අභියෝගයක්ව පවතින බවයි. මෙම අභියෝගය සඳහා විසඳුම් සෙවිය හැක්කේ සාමුහිකත්වය මඟින් පමණක් වන අතර ත්‍රස්තවාදය ශ්‍රි ලංකාවෙන් විනාශ කර දැමීමේ වැඩපිළිවෙලට පක්ෂ, ජාති, ආගම් බේදයකින් තොරව සියලුදෙනාගේ සහය හිමිවීම පිළිබඳව ද ජනාධිපතිතුමා සතුට පළ කළේය.

හෙට ආරම්භ කෙරෙන නව පාසල් වාරය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ දිවයිනේ සියලු පාසල් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බවයි. ආරක්ෂාව අවශ්‍ය සියලු ස්ථානවලට ආරක්ෂාව ලබාදීමට මෙරට ආරක්ෂක අංශ ශක්තිමත් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ආරක්ෂක අංශ ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් එම වැඩපිළිවෙළට සහය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

කුරුණෑගල, වදාකඩ ශ්‍රී විජයසුන්දරාරාම ටැම්පිට පුරාණ විහාරයේ බෝධින් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකරන ලද රන්වැට සහ ශ්‍රී සම්බුද්ධ අසු මහා ශ්‍රාවක චාරිකා පුදබිම අද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කර අභිනව රන් වැට විවෘත කිරීමෙන් අනතුරුව බෝධින් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත විය.අනතුරුව ශ්‍රී සම්බුද්ධ අසු මහා ශ්‍රාවක චාරිකා පුදබිම ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

ඉන් අනතුරුව පැවති උත්සව සභාවේ දී එම මූර්ති නිර්මාණය කළ නිර්මාණ ශිල්පියා වන එස්.ජේ. සොමිරත්න මහතා වෙත ජනාධිපතිතුමා අතින් සමරු තිළිණයක් පිළිගැන්විණි. දෙමටවැව, දික්වැහැර උභය විහාරාධිපති වයඹ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය රැකව ජිනරතන නායක ස්වාමින් වහන්සේ, වෙහෙරපිටිය පිරිවෙන් විහාරය ප්‍රමුඛ විහාරත්‍රයාධිකාරි ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී පූජ්‍ය තෙල්දෙණියේ රතනාසාරාභිධාන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් රැසක් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

කුරුණෑගල, වදාකඩ ශ‍්‍රී විජයසුන්දරාරාම ටැම්පිට පුරාණ විහාරස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 2019.05.05 වන දින

ඉතාමත් පුණ්‍යවන්ත වූ කටයුතු දෙකකටම අප සියලුදෙනාට සහභාගි වීමට අවස්ථාව ලැබුණා. ඒ තමයි උතුම් බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීම සඳහා ඉදි කර තිබෙන නව රන් වැට විවෘත කිරීම. ඒ වගේම විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ධෛර්යයෙන් උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් අක්කර දෙකක පමණ ප‍්‍රමාණයක ඉදි කරන ලද පුදබිම විවෘත කිරීම.

මේ උතුම් පුණ්‍ය කටයුතු දෙකෙහිම තිබෙන්නා වූ ආනිශංස, එයින් ලැබෙන කුසලයන් පිළිබඳව මා සඳහන් කරන්නේ නැහැ. බෞද්ධයින් විදියට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට තිබෙනවා. අපි බෞද්ධ රටක් විදියට මේ සමාජයේ තිබෙන යහපත් දේ වන මනුෂ්‍යත්වය, ආදරය, කරුණාව සෙනෙහස දයාව සියල්ල බෞද්ධ සංස්කෘතිය තුළින් අපේ හදවත්වලට, ලේවලට කා වැදිලා තිබෙනවා. ඒ නිසා බෞද්ධ දර්ශනය තුළින් යහපත් සමාජයක් ගොඩනැෙ`ගන විට අපට තිබෙන ප‍්‍රශ්නවලට විසඳුම් ඒ සඳහා තිබෙනවා. අපේ රට බෞද්ධ රටක්. ඒ වගේම ලෝකයේ බෞද්ධ රටවල් ගණනාවක් තිබෙනවා. නමුත් ප‍්‍රධාන ථෙරවාදි බෞද්ධ දර්ශනය තිබෙන ලෝකයේ මූලස්ථානයක් බවට පත් වී තිබෙන අපේ රට යහපත් සමාජයක් ගොඩන`ගන්න, සැමවිටම විහාරස්ථානත් ගෞරවනීය භික්ෂූන් වහන්සේත් ශක්තිමත් කිරීම ඉතාමත් අවශ්‍ය දෙයක්. බෞද්ධ දර්ශනය රැුක ගත්තේ පන්සල, වෙහෙර විහාරය රැුක ගත්තේ ගමේ පන්සලේ හාමුදුරුවෝ කියන එක අපි දන්නවා.

මේ විහාරස්ථානයේ විශේෂත්වයක් තමයි මේ ටැම්පිට විහාරය. ටැම්පිට විහාර සංස්කෘතිය පිළිබඳව අපි වසර සිය ගණනක අතීතයට ගිය හොත් ඒ පිළිබඳව බොහෝ දේ අපිට කතා කරන්න පුළුවන්කම තිබෙනවා. බෞද්ධ සංස්කෘතිය වගේම බෞද්ධගෘහ නිර්මාණ ශිල්පයේ ඉතාමත් වැදගත් නිර්මාණයක් ටැම්පිට විහාරය කියලා කියන්නේ. ඒ ඓතිහාසික පුරාණ වස්තූන් ආරක්ෂා කර ගැනීමත් ඒවා පෝෂණය කර සංරක්ෂණය කර සුරක්ෂිත කිරීමත් ඉතාමත් ම වැදගත් දෙයක්. අපේ රටේ තිබෙන ටැම්පිට විහාර පිළිබඳව ලියැවී තිබෙන පොත්පත් රැසක් තිබෙනවා. ටැම්පිට විහාර ආරක්ෂා කිරීම සුරක්ෂිත කිරීම ඉතාමත් වැදගත්ම අත්‍යවශ්‍ය දෙයක්. මේ උතුම් පින්බිමට පැමිණි විට ඒ ඓතිහාසික වැදගත්කම දැක ගන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත්ම සතුටු වෙනවා.

අද මම රටේ තිබෙන ආරක්ෂක තත්ත්වය පිළිබඳව යමක් කියයි කියලයි ඔබ විශ්වාස කරන්නේ. ප‍්‍රධාන වශයෙන්ම අපේ‍්‍රල් 21 වෙනිදා සිදුවූ ඒ මහා ඛේදවාචකය ඔබ අප කවුරුත් බලාපොරොත්තු නොවුන සිද්ධියක්. එය සිදුවී හරියටම අදට සති දෙකක් ගත වී තිබෙනවා. මේ සති දෙකක කාලය තුළ අපේ ආරක්ෂක හමුදා යුද නාවික ගුවන් පොලීසිය, විශේෂ කාර්ය බලකාය හා බුද්ධි අංශ ඉතාමත්ම කැපවීමකින් ඔවුන්ගේ කටයුතු ඉටු කරමින් රටේ සාමය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒ වගේම ත‍්‍රස්තවාදීන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම ඒ වගේම අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය ත‍්‍රස්තවාදීන් සතුව තිබූ බොහෝ සම්පත් ඔවුන් සොයා ගෙන තිබෙනවා. ඒ නිසා අපේ බුද්ධි අංශවලට, ත‍්‍රිවිධ හමුදාවට, පොලිසියට මම විශේෂ ස්තූතියක් පිරිනමනවා. අවුරුදු 30 ක ත‍්‍රස්තවාදී යුද්ධයක් ජයග‍්‍රහණය කළ අපේ රණවිරුවන් මේ ඛේදවාචකය තුළත් සිය වගකීම් ඉතාමත් උසස් ලෙස ඉෂ්ට කරනවා. ප‍්‍රධාන වශයෙන්ම ආරක්ෂක හමුදා කෙරෙහි අපි විශ්වාසය තබන්න ඕනෑ. අපි ¥පත් රාජ්‍යයක් විදියට අපේ මු`ථ ඉතිහාසය පුරාම සටන්කාමී ඉතිහාසයක් අපිට තිබෙන්නේ. සංග‍්‍රාමික ඉතිහාසයක් අපිට තිබෙන්නේ. විදේශීය ආක‍්‍රමණ, අභ්‍යන්තර අරගල තුළ සිංහල ජනතාව සටන්කාමී ජාතියක්. ඒ සටන්කාමී ජනතාවගේ වීරත්වය, කැපවීම, එඩිතරකම, බුද්ධිය, ප‍්‍රඥාවන්තකම සමඟ මේ ප‍්‍රශ්නයටත් අපි මුහුණ දිය යුතු වෙනවා. මෙවැනි අවස්ථාවකදි අපි කටයුතු කළ යුත්තේ හදවතින් නොව බුද්ධියෙන් කියන එක ඔබ සෑම කෙනෙක්ම දන්නවා. අපි බොහෝ විට සු`ථ දේටත් කලබල වෙනවා. සාමාන්‍යයෙන් ඒක මනුෂ්‍යයාගේ ස්වභාවයක්. ඇතැම් වෙලාවට පාසලට යන දරුවෙක් එන්න ටිකක් ප‍්‍රමාද වුණොත් දෙමව්පියෝ කලබල වෙනවා කෝ මේ දරුවා තවම ආවේ නැහැ නේද කියලා. අම්මා තාත්තා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගිහිල්ලා එන්න පරක්කු වුණොත් කලබල වෙනවා කෝ බෙහෙත් ගන්න ගිය අම්මා අප්පච්චි තවම ආවේ නැහැ නේද කියලා. මේ වගේ ඉතාම සු`ථ දේවලට අපි කලබල වෙනවා. නමුත් ප‍්‍රශ්නය, පහු වෙන කොට හඳුනා ගන්නවා. ඒ වගේ තමයි මේ ප‍්‍රශ්නයෙදිත් මූලික වශයෙන්ම අපි ප‍්‍රශ්නය හඳුනා ගත යුතු වෙනවා.

එංගලන්තයේ රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා පෙරේදා ලංකාවට පැමිණියා. ඒ ආරක්ෂක ඇමැතිවරයා රාජ්‍ය ආරක්ෂක සහ ආර්ථික අපරාධ පිළිබඳ ඇමැතිවරයා. එතුමා මාව හමු වුණු වෙලාවේ මුලින්ම ඔහු කිව්වේ ජනාධිපතිතුමා ලංකාවේ මිනිසුන්ට කියන්න මේ ප‍්‍රශ්නය ලංකාවේ ප‍්‍රශ්නයක් නොවන බව. මේ ප‍්‍රශ්නය ලෝකයේ ප‍්‍රශ්නයක් කියන එක ජනතාවට පැහැදිලි කරන්න කියලා. මේ අයි එස් අයි එස් ත‍්‍රස්තවාදය අපි වාගේ පුංචි දුප්පත් රටකට පමණක් නෙවෙයි ලෝකයේ සියලූම මහා බලවතුන්ට පහර දුන් සංවිධානයක්. ඒවගේම මීට අවුරුදු ගණනාවකට පෙර බින්ලාඩන්ගේ ත‍්‍රස්තවාදීන් ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සු`ථ මොහොතකින් බිඳ හෙලුවා. 2700 කට වැඩි ජනතාවක් එතනම මිය ගියා. ඇමරිකාවේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනයට එදා බෝම්බ දැම්මා. ඇමරිකාව කියලා කියන්නේ ඔබ සියලුදෙනාම දන්නවා ලෝකයේ අධි තාක්ෂණයෙන් ඉහළම රට. යුද ශිල්පිය ඥානය, යුද උපක‍්‍රම පිළිබඳව ලෝකයේ කිසි කෙනෙකුට දෙවෙනි නොවන රට ඇමරිකාව. නමුත් ඇමරිකාවට පුළුවන් වුණේ නැහැ ඒ ව්‍යසනය වළක්වා ගන්න. යුරෝපයේ රටවල් සියල්ලටම වගේ මේ අයි එස් අයි එස් ත‍්‍රස්තවාදීන් පහර දුන්නා. එංගලන්තයට, ජර්මනියට පහර දුන්නා. රුසියාවේ පිපිරීම් ඇති වුණා. ඉන්දියාවේ පසුගිය අවුරුදු කිහිපයේදීම මෙවැනි පිපිරීම් රාශියක් සිදු වුණා. ඔස්ටේ‍්‍රලියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, කැනඩාව මේ සියලූම රටවලට මේ ත‍්‍රස්තවාදීන් පහර දුන්නා. මේ ත‍්‍රස්තවාදීන්ගේ ස්වභාවය තමයි එක් වරක් කළ දේට වඩා වෙනස් දෙයක් ඊළඟට කිරීම. විශේෂයෙන්ම මම මේ කාරණා කියන්නේ මේ දවස්ල අයි එස් අයි එස් ත‍්‍රස්තවාදීන් පිළිබඳව මම ටිකක් කියවපු නිසා. ඉස්සෙල්ලා බෝම්බයක් පිපිරෙව්වොත් ටික කාලයක් ගිහිල්ලා කරන්නේ ලොකු වාහනයක් අරගෙන ගිහින් සෙන`ග ගොඩක් ඉන්න තැන ඒ ජනතාව පෙරළගෙන යනවා. එහෙම නැත්නම් එක පාරට වෙනත් ගොඩනැ`ගිල්ලක් තිබෙන තැනක පුපුරවනවා. අපේ රටට මේ වන විට රටවල් කිහිපයකම ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය පිළිබඳව බුද්ධි විශේෂඥයින් යුද විශේෂඥයින් කිහිප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ අය අපේ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ සමග වැඩ කරනවා. ඒ වැඩ කිරීම තුළ ප‍්‍රධාන වශයෙන්ම අපිට තිබෙන වාසිය අවාසි දෙපැත්තම බොහෝ අය කතා කරනවා. අපි හිතන්න ඕනෑ රජයක් විදියට අවාසියක් නොවන විදියට ඒ අයගෙන් අවශ්‍ය ප‍්‍රයෝජන ගන්න. දැනුම ගන්න කිසිම හමුදාවක් ගේන්න මම ඉඩදීලා නැහැ. ඉඩ තියන්නෙත් නැහැ. අපේ ආරක්ෂක හමුදා හොඳටම ප‍්‍රමාණවත්. අපේ හමුදාවලට පුළුවන් මේ ත‍්‍රස්තවාදය නැති කරන්න. අපේ බුද්ධි අංශවලට ඒ දක්ෂකම තිබෙනවා. එහෙත් ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් පිළිබඳව කටයුතු කිරීමේදී අපේ රටේ බුද්ධි විශේෂඥයින් වෙනත් ආරක්ෂක අංශවල සම්බන්ධයකින් වැඩ කිරීම ඉතාමත් අවශ්‍යය යි. එහෙම නැත්නම් සොයා ගන්න පුළුවන්කමක් නැහැ. ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට කවුද සම්බන්ධ, ඒ අය සමග කොහොමද සම්බන්ධකම් පවත් වන්නේ. මොන විදියටද කටයුතු කරන්නේ. මේ කියන කරුණු කාරණා දැන ගැනීම ප‍්‍රධාන වශයෙන්ම ඉතා අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි විදේශීය බුද්ධි විශේෂයින් සහ අපේ ආරක්ෂක බුද්ධි විශේෂඥයින් එක්ව මේ දිනවල මේ කටයුතු කරන්නේ.

ඉතාම පැහැදිලිව කියන්නට කැමතියි ඇමරිකාවේ ජනාධිපතිතුමාට, රුසියන් ජනාධිපතිතුමාට අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම නැතිකරන්න පුළුවන්කම තිබුණේ නැහැ පහරදීලා. යුරෝපයේ බලවත් රටවල් කිහිපයකට පුළුවන්කම තිබුණේ නැහැ මේ ත‍්‍රස්තවාදී ව්‍යාපාරය සම්පූර්ණයෙන් පරාජය කරන්න. ඔවුන්ගේ මූලස්ථාන විනාශ කෙරුවා. ඔවුන්ව දුර්වල කෙරුවා. 2015, 2016, 2017 වසරවල තමයි අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදී ව්‍යාපාරය ලෝකයේ ඉතාම ශක්තිවන්ත බවක් පෙන්නුවේ. නමුත් ලෝකයේ බලවත් රාජ්‍යයන් ඔවුන්ගේ පහරකෑම්වලට ලක් වූ නිසා ඔවුන්ට විරුද්ධව සටන් කළා. ඒ තුළ ඔවුන් දුර්වල කළා.

අද ලංකාව වගේ රටක් තෝරාගත්තේ ඇයි කියන කාරණය මටත් ප‍්‍රශ්නයක්. බුද්ධි විශේෂඥයින්ටත් ප‍්‍රශ්නයක්. අපි අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදීන් සමග කිසිම ගැටුමක් ඇති කරගෙන නැහැ. ඒ වගේම අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව පහරදෙන්න ලෝකයේ වෙනත් රටවලට අපේ හමුදා යවලත් නැහැ. එහෙමනම් ඇයි අපේ රට තෝරා ගත්තේ කියන කාරණාව විශ්ලේෂණයට ලක් කළ යුතු කාරණාවක්. එහිදී බුද්ධි විශේෂඥයින්ගේ මතයත්, ජාතික හා අන්තර්ජාතික දේශපාලන ප‍්‍රවීණයින්ගේ මතයත් සැලකිල්ලට ගැනීම වැදගතමේ ප‍්‍රහාරයෙන් පසුව මේ පිළිබ`දව අයිඑස්අයිඑස් සංවිධානය විසින් නිකුත් කරන ලද ප‍්‍රකාශවල තිබුණු කරුණු ඔබ දන්නවා. අපිට අපේ රටේ මේ ප‍්‍රශ්නය විසඳා ගන්න පු`එවන්. අපි සෑම කෙනෙක්ම එකට එකතුවෙලා මේ ප‍්‍රශ්නයට මුහුණ දෙන්න ඕනෑ. මේ ප‍්‍රශ්නය විසඳාගන්න තිබිය යුතු ප‍්‍රධානම දේ තමයි සිංහල, දමිල, මුස්ලිම් සියලු ජන කොටස්වල සමගිය හා විශ්වාසය ඇති කර ගැනීම. එල්ටීටීඊ යුද්ධය ආරම්භ වූ 80 දශකයේ දී සෑම දෙමළ ජාතිකයෙක්ම එල්ටීටීඊ ත‍්‍රස්තවාදියෙකු ලෙස අපේ ජනතාව හිතන්න පටන් ගත්තා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ 83 ක`එජූලිය ඇති වුණා. එල්ටීටීඊ සංවිධානයට කිසිම සම්බන්ධයක් නැති ව්‍යාපාර කරගෙන නිදහසේ සිටි ද්‍රවිඩ ව්‍යාපාරිකයින් පිරිසක් රට හැරදාලා ගියා. තව පිරිසක් වෛරයට එල්ටීටීඊ සංවිධානයට එකතු වුණා. දේපළ විනාශ වුණා. ජීවිත විනාශ වුණා. ඒ වගේම බොහෝ වෙලාවට දමිල ජනතාව කෙරෙහි අපි අවිශ්වාසය ඇති කරලා කොන් කරලා තිබුණා. ඔවුන් සියලු දෙනා ත‍්‍රස්තවාදීන් කියන වැරදි හැ`ගීම මිනිසුන් තුළ ඇතිවුණා. එයින් සිදුවුණේ එල්ටීටීඊ ය ශක්තිමත් වීම. නමුත් ඒ සංවිධානය ආරම්භයේ සිටියේ ඉතා සුළු පිරිසක්. කළු ජූලිය වැනි සිදුවීම් නිසා තමයි ඒ සංවිධානය ප‍්‍රබල වුණේ.

අපේ රටෙත් අයිඑස්අයිඑස් සංවිධානයට අයත් ඉතා සුළු පිරිසක් ඉන්නවා. මම මේ කියන්නේ ආරක්ෂක අංශවල බුද්ධි වාර්තා අනුවයි. මම දන්න විදියට 150කට අඩුයි. මෙයින් පිරිසක් පසුගිය දිනවල මරාගෙන මැරුණා. තවත් කිහිප දෙනෙක් සමන්තුරෙයි ප‍්‍රදේශයේ ඇතිවූ ගැටුම්වලින් මැරුණා. ඒ වගේම මේ වනවිට අපි 75ක් 80ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුළු පිරිසක් තමයි අත්අඩංගුවට ගන්න ඉන්නේ. ඒ සුළු පිරිසෙන් මේක අපි සීමා කරගන්නවාද එහෙම නැත්නම් මුස්ලිම් ජනතාව කෙරෙහි සැකයක් වෛරයක් ඇති කරලා මුස්ලිම් තරුණයෝ ඒ අන්තවාදයට අපි තල්ලු කරනවාද. අපේ රටේ අද ඉතාම වැදගත් කාරණය වන්නේ එයයි. අපි කවුරුත් මුස්ලිම් ජනතාව හොඳින් ඇසුරු කරනවා. 15, 16 වැනි සියවස්වල තමයි මුස්ලිම් ජනතාව වෙළෙන්දන් විදියට ලංකාවට ආවේ. ඉන් පසුව ඔවුන් මේ රටේ පුරවැසියන් වුණා. ඉංග‍්‍රීසි පාලන සමයේ දී අපේ සිංහල හමුදාව සමග එකතුවෙලා මුස්ලිම් ජනතාව එකට සටන් කළා ඉංග‍්‍රීසි පාලකයින්ට විරුද්ධව. බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගන්න සිංහල, දෙමළ, මුස්ලිම් නායකයෝ දැඩි සහෝදරත්වයෙන් සටන් කළා. ඒ තුළ රටට නිදහස ලබා ගත්තා. පසුකාලීනව ජාති භේද අනුව දේශපාලන පක්ෂ බිහිවුණා. ආගම් අනුව දේශපාලන පක්ෂ බිහිවුණා. ඒ තුළ ජාතිවාදය හා ආගම්වාදය විදියට අපේ රටේ බෙදීම් ඇති වුණා. අද බහු ආගමික, බහු ජාතික, බහු භාෂාමය සමාජයන් ලෝකයේ බොහෝ රටවල්වල තිබෙන්නේ. අපි තේරුම්ගන්න ඕනෑ සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් වශයෙන් අපිට බහුජන සමාජයක් තිබෙන්නේ. අපි මේ වගේ වෙලාවක එකිනෙකා දෙස සැකයෙන් බලන්න හොඳ නැහැ. මුස්ලිම් ගෙවල්වල පාසල් යන දරුවෝ හරිම බියෙන් ඉන්නේ පාසලට ගියාම කරදර වෙයිද කියලා. ඒ වගේමයි සිංහල දරුවොත් දෙමව්පියන් එක්ක ඉන්නේ බයෙන් පාසලට ගියාම කරදරයක් වෙයිද කියලා. දෙගොල්ල දෙගොල්ලන්ට බයේ ඉන්නවා. ඒ බය අපි ඉතාම ඉක්මනින් නිමා කරන්න ඕනෑ. සංහි`දයාව, සමගිය ඇති කරන්න පුළුවන් මහා සංඝරත්නයට, කතෝලික, හින්දු, ඉස්ලාම් පූජකතුමන්ලාට. සැකය අවිශ්වාසය දික්කර ගත්තොත් මුස්ලිම් සෑම කෙනෙක්ම දෙස අපි ත‍්‍රස්තවාදීන් ලෙස බැලුවොත් ඔවුන් වේගයෙන් මේ අන්තවාදයට ඇදී යාවි. එහෙම වුණොත් වසර 30ක් පැවති යුද්ධය වැනි තත්ත්වයට මේ ප‍්‍රශ්නය දික් ගැස්සේවි. මේ ප‍්‍රශ්නය ඉවර කර ගන්න ඕනෑ. මේ ත‍්‍රස්තවාදීන්ව විනාශ කිරීම මම ස්ථීරවම කරනවා. එය කරන්න අපේ ආරක්ෂක හමුදාවන්ට ශක්තිය තියෙනවා.

පෙරේදා ආරක්ෂක මණ්ඩලය රැස්වුණා. අපි එකින් එක සාකච්ඡා කළා පැය හතර හමාරක්. විදේශ බුද්ධි විශේෂඥයින් ආවම අපි ඒ අය එක්ක සාකච්ඡුා කරනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ ශක්තිමත් වැඩපිළිවෙළක් දැන් ක‍්‍රියාත්මක වෙනවා. ඒ තුළින් මේ සුළු අන්තවාදී පිරිස ඉවර කරන්න පුළුවන්. මේක වැඩිකර ගත්තොත් තමයි ප‍්‍රශ්නේ. මේක වැඩි කර ගන්නේ නැතුව අපි ඉතාම සහෝදරත්වයෙන් ඉන්න ඕනෑ. එල්ටීටීඊ යුද්ධය වසර 30 කට වැඩි කාලයක් ඇදුනේ ඇයි. එහෙම වුණේ මුල් කාලය තුළ සංහිඳියාව ගොඩනගන්න බැරි වූ නිසා. වසර 20ක් විතර යනකොට තේරුම් ගත්තා හැම දෙමළ ජාතිකයෙක්ම එල්ටීටීඊ නෙවෙයි කියලා. ඒ වගේම අපිටත් පසුකාලීනව පසු තැවෙන්න සිද්ධ වෙයි හැම මුස්ලිම් ජාතිකයෙක්ම ත‍්‍රස්තවාදියෙක් කියලා අපි හිතන්න ගත්තොත්. පුංචි දරුවෝ එකට තිබ්බහම සිංහල ද මුස්ලිම් ද දෙමළ ද කියලා වෙනසක් නැහැ. ඒ දරුවෝ සියලු දෙනාගේම ලේ වල සුවඳ එකයි. ඒ නිසා මේ රටේ සමස්ත ආගමික නායකයින්ගෙන් මා ඉල්ලා සිටිනවා මේ ප‍්‍රශ්නය කෙටි කලකින් අවසන් කරන්න, ජාතීන් අතර විශ්වාසය ගොඩ නගන්න පෙරමුණ ගන්න කියලා.

පෙරේදා වනවිට තීරණය කර තිබුණේ සියලු ශ්‍රේණිවල දරුවන්ට පාසල් ආරම්භ කරන්න. නමුත් මම ඊයේ උපදෙස් දුන්නේ හය ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට පමණක් හෙට සිට පාසල් විවෘත කරමු කියලා. හය වසරින් පහළ දරුවෝ නොතේරෙන දරුවො නිසා. ඒ දරුවන්ට පාසලේ විදුහල්පතිවරු සහ ගුරු භවතුන් උපදෙස් දෙයි අදාළ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්. අප උපදෙස් දී තිබෙන්නේ දරුවන්ව පාසල් ඇරිලා එකවර එළියට යන්න දෙන්න එපා කියලා. කඩින් කඩ යවන්න කියලා. අපිට ආරක්ෂාව දිය හැකි සෑම කෙනෙකුටම ආරක්ෂාව දෙනවා. ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආගමික ස්ථාන ද, රජයේ ආයතන ද පෞද්ගලික ආයතන ද ඕනෑම කෙනෙක් ආරක්ෂාව ඉල්ලූවොත් අපි ආරක්ෂාව දෙනවා. කරන්න පුළුවන් උපරිම දේ අපි කරනවා. නමුත් හැම කෙනෙක්ම හිතන්නට ඕනෑ ලංකාවේ පාසල් 10200කට ආසන්න ප‍්‍රමාණයක් තියෙනවා. ආරක්ෂා කළ යුතු විශේෂ ස්ථාන තියෙනවා. රට පුරා වැටලීම් කරනවා. මේ සියලූ දේට ත‍්‍රිවිධ හමුදාව ඉන්නේ තුන් ලක්ෂ පනස් දහසකට අඩු ප‍්‍රමාණයක්. පොලීසියේ ඉන්නවා 85000ක් විතර. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්නවා 33000ක් විතර. මම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් සම්පූර්ණයෙන්ම මේ වැඩවලට යොදවලා තියෙන්නේ. ඒ නිසා අපි හොඳ ආරක්ෂක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා. නමුත් ඇමරිකාවේ ජනාධිපතිටවත් රුසියාවේ ජනාධිපතිටවත් ත‍්‍රස්තවාදය කියන එක කොහේද කොතනද කොයිවෙලේද කියන එක කියන්න පුළුවන්කමක් නැහැ. එහෙම කියලා නැහැ. ඒ නිසා රජයේ වැඩපිළිවෙළ වගේම අපි සෑම කෙනෙක්ම අපේ ගම්වල, නගරවල, ආයතනවල, අවදියෙන් සිටින්න ඕනෑ. ඒ වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න ඕනෑ. මම විශ්වාස කරනවා අපේ ආරක්ෂක හමුදාවලට මේ ප‍්‍රශ්නය කෙටි කාලයකින් විසඳන්න පුළුවන් කියලා. මම අලූත් ආරක්ෂක ලේකම්වරයෙක් පත් කළා. ආරක්ෂක අංශවල ප‍්‍රතිසංවිධානයක් කළා. ඒ අනුව බුද්ධි අංශවල වෙනස්කම් කළා. ඒ අලුත් වැඩපිළිවෙළට අපිට දේශපාලන පක්ෂ භේදයකින් තොරව සහය ලැබිලා තියෙනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් පෙරේදා හවස ඇවිල්ලා හිටපු හමුදාපතිවරු සමග මේ ආරක්ෂක වැඩපිළිවෙළට යෝජනා කිහිපයක් මගේ අතට පත් කළා. ඒ නිසා මෙතන කිසිම පක්ෂ භේදයක් ආගම් භේදයක් ජනවාර්ගික භේදයක් නැහැ. අපි ප‍්‍රශ්නයට මුහුණ දෙමු. අපිට ජයග‍්‍රහණය කරන්න පුළුවන්. දරුවන්ට මේ රටේ නිදහසේ සතුටෙන් ගමන් බිමන් යන්න, ගෙවල්වල සතුටෙන් ඉන්න පුළුවන් සමාජයක් මම ඉතා කෙටි කාලයකින් හදනවා කියන සහතිකය ඔබට දෙමින් තෙරුවන් සරණ පතමින් මගේ කතාව අවසන් කරනවා.

ස්තූතියි.

ජනාධිපති මාධ්‍ය අංශය

2019-05-06


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ