››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ශ්‍රී ලංකා – රුසියා රාජ්‍ය නායක හමුවක්

ශ්‍රී ලංකා – රුසියා රාජ්‍ය නායක හමුවක්

[2019/06/17]

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (15) සිදු විය.

ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුළුව අතරතුර දී නායකයන් මෙම හමුවට එක් විය.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ කලාපීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබදව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

රුසියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන යම් භාණ්ඩ සඳහා ඇමරිකාව විසින් මේ වන විට සම්බාධක පනවා තිබෙන අතර, ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද නායකයෝ සාකච්ඡා කළහ.

එමෙන් ම නුදුරු දිනක දී ම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ද ජනාධිපතිතුමා ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත ආරාධනා කළේය.
අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ