››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

‘සත්විරු අභිමන්’ උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේදී

‘සත්විරු අභිමන්’ උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේදී

[2019/07/22]

ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් වෙනුවෙන් වූ ‘සත්විරු අභිමන්’ සුභසාධන ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුග්‍රහයෙන් අද (ජූලි 22) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් සිදුකරන මෙම ජාතික වැඩසටහන මගින් මියගිය හා ආබාධිත සහ විශ්‍රාමික, රාජකාරියේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ගේ පවුල් සදහා සුභසාධන ප්‍රතිලාභ පිරිනැමේ. මෙම වැඩසටහන අද සවස 4.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මෙම උත්සවයේදී ප්‍රතිලාභීන් විශාල පිරිසක් සදහා නව නිවාස, අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාසවල ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා අරමුදල්, ඉඩම් සහ අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ