››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයාට ජනපතිගෙන් සුබපැතුම්

[2019/07/25]

බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා සහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරි පත් වූ බොරිස් ජොන්සන් මහතා වෙත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.

බ්‍රිතාන්‍ය නව අගමැති ධූරයට පත් වූ බොරිස් ජොන්සන් මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිතුමා ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සුබපැතුම් පිරිනමා තිබේ.

බ්‍රෙක්සිට් වැඩපිළිවෙළ සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට අදාල විකාශනයන් තමා ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කළ බවත්, බොරිස් ජොන්සන් මහතා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයට පත්වීම මහා බ්‍රිතාන්‍ය හා පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර පවතින සබඳතාවන්හි වැදගත් සන්ධිස්ථානයක් බවත් ජනාධිපතිතුමා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් සමඟ වන සබඳතා වර්ධනය කිරීමේ බොරිස් ජොන්සන් මහතාගේ කැපවීම එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ශක්තිමත් සහයෝගීතාව හා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කරයි.

මෙම ඓතිහාසික සබැඳියාවන් පොදු වටිනාකම් හා දෙරටේ ජනතාව අතර පවත්නා සම්බන්ධතා මත පදනම් වූ අඛණ්ඩ සමීප හා විශේෂිත මිත්‍රත්වයක් එක්සත් රාජධානය සහ ශ්‍රී ලංකාව අතර පවතින බවද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ලද පළමු අවස්ථාවේදී ම බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා හමුවීමට සහ දෙරට අතර අන්‍යෝන්‍ය සෞභාග්‍ය වර්ධනය කර ගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ