››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

හමුදා සම්බන්ධතා නිළධාරී ආරක්ෂක උපදේශකයින්ගේ රැස්වීම මෙහෙයවයි

හමුදා සම්බන්ධතා නිළධාරී ආරක්‍ෂක උපදේශකයින්ගේ රැස්වීම මෙහෙයවයි

[2019/08/13]

ආරක්‍ෂක උපදේශකයින්ගේ අර්ධ වාර්ෂික රැස්වීම ආරක්‍ෂක අමාත්‍යාංශ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ටී ජේ කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී බ්‍රහස්පතින්දා (අගෝස්තු 08) දින පැවැත්විණි. මේ සඳහා තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාලවල ආරක්‍ෂක උපදේශකයින් සහභාගී විය.

ත්‍රිවිධ හමුදාවේ ඡ්‍යේෂ්ඨ නිළධාරීන් සහ ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ නිලධාරියකු විසින් රටේ වර්තමාන ආරක්‍ෂක තත්වය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කරන ලද අතර ඉන් අනතුරුව සාකච්ඡාව පැවැත්විණි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ඩී එම් ඒ පී දිසානායක ඇතුළු ඡ්‍යේෂ්ඨ හමුදා නිළධාරීන් සහභාගී වූහ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ