››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ජනාධිපති තුමන්ගේ පසුගිය පුවත් - 2019

ජනාධිපති තුමන්ගේ පසුගිය පුවත් - 2019


තිස් වසරක යුද ජයග‍්‍රහණයේ සත්‍ය මෙන්ම අභිමානවත් කතාව මතු පරපුරට මෙන්ම ලෝකයට ද කියැවීමට ඉඩ සැලසිය යුතු බව ජනපති පවසයි

[2019/05/23]

වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ට රණ ශූරත්වය, දේශාභිමානය සහ උත්තම මානුෂීය ගුණාංග පිළිබඳ මතු පරපුරට ද කියැවිය හැකි අන්දමින් තිස් අවුරුදු යුද ජයග‍්‍රහණයේ ශ්‍රේෂ්ඨ වීර කතාව කෘතියකට නැංවීම කාලීන අවශ්‍යතාවයක් බව ජනාධිපතිතුමා පවසයි.

 

වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ටත්වය සහ කැපවීම මත මව්බිම සෑමවිටම සුරක්ෂිත වූ බව ජනපති පවසයි

[2019/05/20]

වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ටත්වය, කැපවීම සහ ජීවිත පරිත්‍යාගය තුළ මව්බිම සෑමවිටම සුරක්ෂිත වූ බව ජනාධිපතිතුමා පවසයි.

 

ජනාධිපති තුමාගේ වෙසක් දින පණිවුඩය

[2019/05/18]

ක්‍රි.පූ. සවැනි සියවසේ, එවක භාරත දේශයේ ශාක්‍ය ජනපදයෙහි උපත ලැබ, නේරංජනා නදී තීරයේ පිහිටි බුද්ධගයාවේ බෝරුක මුල දී බුද්ධත්වයට පත් ව, කුසිනාරාවේ උපවත්තන නම් සල් වනයෙහි දී පරිනිර්වාණයට පත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ එකී ත්‍රිවිධ ජීවන අවස්ථා අනුස්මරණය කරමින් පූජෝපහාර පවත්වන අති උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදයි.

 

චීන සංචාරය සාර්ථක ව නිම කළ ජනපති යළි දිවයිනට

[2019/05/17]

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ සංවර්ධනයට අදාළ සහයෝගිතාව ඉහළ නංවා ගනිමින් රටට ප්‍රතිලාභ රැසක් උදාකර ගැනීම වෙනුවෙන් චීනයේ කෙටි නිල සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිමවා අද උදෑසන (16) යළි දිවයිනට පැමිණියේ ය.

 

ජනපති සහ චීන අගමැති හමු වෙයි.

[2019/05/16]

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ චීන අග‍්‍රාමාත්‍ය ලී ක්වැන්ග් (Li Keqiang) මහතා අතර හමුවක් අද (15) පස්වරුවේ බීජිං නුවර දී පැවැත්විණි.

 

ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට ඕනෑම සහයක් ලබාදෙන බවට චීන ජනපති ෂී ජින්පින් මහතා ජනපතිට සහතික වෙයි.

[2019/05/15]

ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ‍්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සහතික වෙයි.

 

 

රට නොසන්සුන් කිරීමේ උත්සාහයන්ට හසු නොවන ලෙස ජනපති සියලු දෙනාගෙන් ඉල්ලයි

[2019/05/13]

රටේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය හැකි අතර අසත්‍ය සහ ජනතාව නොමඟ යවන ප්‍රකාශවලට නොරැවටි ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගෙන යන ලෙස ජනාධිපතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලයි.

 

ත‍්‍රස්තවාදය විනාශ කර යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරනවා – ජනපති

[2019/05/11]

ත‍්‍රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත‍්‍රස්තවාදය අවසන් කර, යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

 

 

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවේ දී සිදු කළ කථාව

[2019/05/08]

මේ සිදුවීම සිදු වූ අප්‍රේල් 21 දා, කවුරුත් දන්නා පරිදි එය මා දැඩි විවේචනයට ලක් වූ කරුණක් බවට පත්වුනා. අප්‍රේල් 21 මා සිංගප්පූරුවේ සිටින විටයි උදේ 10 ට පමණ මේ සිදුවීම පිළිබඳව මට වාර්තා වුනේ.

 

 

අන්තවාදී ත්‍රස්තවාදය විනාශ කිරීම ආරක්ෂක හමුදාව සිදු කරද්දී බහුජන සමාජයක සංහිඳියාව සුරැකීමේ වගකීම ආගමික නායකයන්ට පැවරෙන බව ජනපති පවසයි.

[2019/05/07]

අන්තවාදී ම්ලේච්ඡ ත්‍රස්තවාදය ශ්‍රී ලංකා මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම ස්ථීර වශයෙන්ම අපගේ ආරක්ෂක හමුදාව ඉතා කෙටි කලකින් ඉටුකරනු ඇති බව සඳහන් කරන ජනාධිපතිතුමා රටේ ජනතාව අතර විශ්වාසය පළුදුවීමට ඉඩ නොතබා සියලු ජන කොටස් අතර අවබෝධය සහ සහෝදරත්වය ගොඩනැංවීමේ වැඩපිළිවෙළ ආගමික නායකයන්ට පැවරෙන බව සඳහන් කරයි.

 

ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට වත්මන් ජනපතිට හැකියාව තිබෙන බව බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමති පවසයි.

[2019/05/03]

ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී දේශපාලන නායකත්වය ඉතා වැදගත් බව පෙන්වා දෙන එක්සත් රාජධානියේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හැකියාව තිබෙන බව පවසයි.

 

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ පරීක්‍ෂණ මණ්ඩලයේ වාර්තාව සියලු පාර්ශ්වයන්ට විවෘත කරන බව ජනපති පවසයි

[2019/04/30]

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්‍ෂණ මණ්ඩලයේ වාර්තාව ලැබීමත් සමඟ එම තොරතුරු සියලු පාර්ශ්වයන්ට විවෘත කරන බව ජනාධිපතිතුමා පවසයි.

 

ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතිය අමතා සිදු කළ විශේෂ ප‍්‍රකාශය (2019-04-23 වන දින)

[2019/04/24]

ගෙවී ගිය පැය 48ක කාලය තුළ අප විසින් ලැබූ අත්දැකීම ඉතාමත් වේදනාකාරී වුත් ඉතාමත්ම ශෝකජනක වූත් ඉතාම අවසනාවන්ත අවස්ථාවක් බව මා මෙන්ම ඔබ ද පිළිගන්නවා. අද මම මේ කතා කරන අවස්ථාව ජාතික ශෝක දිනයක්. මුළු ජාතියේම ශෝකය පළ කිරීම සඳහා අප අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලැබුවා.

 

ජනාධිපතිතුමා සිදුකළ විශේෂ ප‍්‍රකාශය

[2019/04/21]

සිදුවී ඇති බරපතළ මහා ඛේදවාචකය පිළිබඳව මා දැඩි සේ කම්පනයට පත්ව සිටිමි. කිසිසේත් බලාපොරොත්තු නොවූ සිදුවීමක් සිදුවීම පිළිබඳව මා මෙන්ම මුළු මහත් ලක්වැසි ජනතාවම දැඩි සේ කම්පනයට පත්ව සිටින අවස්ථාවක් වගේම දැඩි සේ වේදනාවට පත්ව සිටින අවස්ථාවක් බව මා දනිමි.

 

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්.

[2019/04/11]

ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් බදාදා (අප්‍රේල් 10) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

 

 

ශ්‍රී ලංකා පොලීසිය ජාතික මෙන් ම අන්තර්ජාතික වශයෙන් ද පිළිගැනීමක් සහිත පොලිස් සේවාවක් බවට පත් කිරීම අරමුණ බව ජනපති පවසයි.

[2019/04/09]

ශ්‍රී ලංකා පොලිස් සේවාව ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ඉහළ පිළිගැනීමක් ඇති සේවාවක් බවට පත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතේ පවතින කාලසීමාව තුළ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.

 

 

ජනපති පාර්ලිමේන්තුවට

[2019/04/05]

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (04) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භය වෙත ගිය ජනාධිපතිතුමා විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය.

 

 

ථෙරවාද ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරේ.

[2019/03/24]

උතුම් වූ සද්ධර්ම කෝෂ්ඨාගාරය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යවත් අවස්ථාව අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දී සිදු විය.

 

 

මාධ්‍ය නිවේදනයයි

[2019/03/22]

සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සිදුකළ බවට එරට මාධ්‍ය පළ කර තිබූ වාර්තාවක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර වාර්තාවකි.

 

 

 

අනුරාධපුර “මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ.

[2019/03/22]

රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ගෙන යන සුබසාධන සේවාවන් තවදුරටත් ශක්තිමත් කරන බව ජනපති පවසයි.

 

 

 

ථෙරවාදි පාලි ති‍්‍රපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීමේ තාක්ෂණික ක‍්‍රියාවලිය වෙනුවෙන් කමිටුවක්

[2019/03/21]

ථෙරවාදි පාලි ති‍්‍රපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික ක‍්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විද්වත් කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ.

 

 

 

උතුම් බෞද්ධ දර්ශනය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ වගකීම නිසි ලෙස ඉටුකරන බව ජනපති අවධාරණය කරයි.

[2019/03/18]

ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාවට පූර්වගාමීව ‘ත්‍රිපිටකාභිවන්දනා’ සතියක් ප්‍රකාශයට පත් කළේ රට තුළ බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙන්ම රටේ තරුණ පරපුරට ත්‍රිපිටක ධර්ම දායාදය පිළිබඳ අවබෝධයක් ලබාදීමට බව ජනාධිපතිතුමා පවසයි.

 

 

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වීමට ජනපති කෙන්යාවට

[2019/03/13]

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

 

 

 

මත් උවදුර මැඩලීමට අප්‍රේල් 03 වන දායින් පසු ත්‍රිවිධ හමුදාවේ වැඩි දායකත්වයක් – ජනපති කියයි.

[2019/03/09]

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට මෙම අප්‍රේල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ත්‍රිවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

 

 

 

රණවිරු විජයග‍්‍රහණයේ දස වස් පූර්ණය නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප‍්‍රකාශයට පත් කෙරේ

[2019/03/06]

එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයෙන් ශ‍්‍රී ලංකා මාතෘ භූමිය මුළුමනින් නිදහස් කරගත් රණවිරු විජයග‍්‍රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප‍්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

 

 

 

රණවිරු සැමරුම් කොඩිය ජනාධිපතිතුමන්ට පළඳවයි

[2019/03/06]

රණවිරු සැමරුම් මාසය - 2019 ප්‍රකාශයට පත්කරමින් එහි පළමු රණවිරු සැමරුම් කොඩිය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් හට පැළඳවීමේ උත්සවය අඟහරුවාදා (මාර්තු 05) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

 

 

 

ජනාධිපතිතුමගේ මහා ශිවරාත්‍රී පණිවුඩය

[2019/03/04]

එක ම මිනිස් පවුලක නෑසියන් වන අප දරන විවිධාකාර බාහිර බෙදීම් ඉක්ම වූ කළ නැවතත් අද්‍යාත්මික තලයේදී එකම මිනිස් පවුලක් බවට පත්වීමට ඇති හැකියාව මිනිසත්කමේ මහිමයයි.

 

 

 

මෙරට නිෂ්පාදිත මුල්ම මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනපතිට පිළිගන්වයි

[2019/02/28]

ශ්‍රී ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

 

 

 

ප්‍රතිකාර සහ නිවාරණ අංශ ශක්තිමත් කිරීම හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වකගුඩු රෝගීන්ගේ ව්‍යාප්තියේ අඩුවක් සිදුව ඇති බව ජනපති පවසයි.

[2019/02/26]

ශ්‍රී ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

 

 

 

ජනපති සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවක

[2019/02/26]

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (25) පෙරවරුවේ අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

 

 

 

මත්ද්‍රව්‍යවලට එරෙහි වැඩපිළිවෙළේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගයේ දී අත්විඳීමට හැකි වනු ඇති බව ජනපති පවසයි.

[2019/02/22]

2019 වසරේ දකුණු පළාතේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක කිරිමට රුපියල් මිලියන 423 ක් මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ රජයේ ක්‍රියාන්විතයේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට රටටත්, ජනතාවටත් අත්විඳීමට හැකිවනු ඇති බව ජනාධිපතිතුමා පවසයි.

 

 

දරුවන් සුරැකීමට ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති පවසයි.

[2019/02/21]

දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීමට ජාතික අරමුදලක් ඉදිරි සති දෙක තුළ දී පිහිටුවන බව ජනාධිපතිතුමා පවසයි.

 

 

 

තාරුණ්‍යයට යහපත් හෙටක් ගොඩනැඟීමේ දී මතුව ඇති සියලු අභියෝග ජය ගැනීමට ක‍්‍රමානුකූලව කටයුතු කරන බව ජනපති පවසයි.

[2019/02/11]

දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීමට ජාතික අරමුදලක් ඉදිරි සති දෙක තුළ දී පිහිටුවන බව ජනාධිපතිතුමා පවසයි.

 

 

 

ජනාධිපතිතුමාගේ නිදහස් දින පණිවුඩය

[2019/02/04]

පුරා 133 වසරක් බ්‍රිතාන්‍ය යටත් විජිකයක් ව පැවති ශ්‍රී ලංකාව, ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූ දිනය හැම වසරක ම පෙබරවාරි 4 වැනිදා මෙසේ උත්සවශ්‍රයෙන් අනුස්මරණය කරනු ලැබේ.

 

 

 

ජනපති මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රම මහතාගේ නිවසට

[2019/02/03]

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විතයේ යෙදී සිටිය දී දිවිපිදූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රම මහතාගේ දෙමාපියන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සාතිශය සංවේගය පළ කරයි.

 

 

 

ජනාධිපතිතුමාගේ ශෝක පණිවුඩය

[2019/01/29]

ජගත් සාම ක්‍රියාදාමයට එක්ව ජීවිත පරිත්‍යාග කළ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකීක පුත්‍රයින් දෙදෙනා පිළිබඳ පුවත ඇසූ මොහොතෙහිම මා තුළ ඉමහත් කම්පාවක් ඇතිවිය. එහෙත් ඔවූහු සිය ජීවිත පරිත්‍යාග කරන ලද්දේ ජගත් මානව සංහතියේ නිදහස් අරමුණ සාක්ෂාත් කරදීම සඳහා වීම මාගේ ගෞරවාදරයට හේතු වෙයි.

 

 

 

ජනපති මැදිහත්වීමෙන් ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් රජයෙන් වැටුප්

[2019/01/28]

මෙහෙයුම් රාජකාරී කටයුතුවල දී හෝ ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතු කොටගෙන හෝ වෙනත් නීතිය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු නිසා හෝ ආබාධිත ති‍්‍රවිධ හමුදා රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්/යැපෙන්නන් වෙත වයස අවුරුදු 55 දක්වා ගෙවන ලද වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගැනේ.

 

 

 

පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත්කරන බව ජනාධිපතිතුමා පවසයි

[2019/01/23]

පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත්කරන බව ජනාධිපතිතුමා පවසයි.පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත් කිරිමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

 

 

 

“Earth Watchmen” ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් කිලිනොච්චියෙන් ඇරඹෙයි

[2019/01/22]

2019 ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමී ව දිවයින පුරා පැළ මිලියන 2 ක් රෝපණය කිරීමේ “Earth Watchmen” ව්‍යාපෘතිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය කෘෂි තාක්ෂණ පීඨ භූමියේ දී ආරම්භ කෙරිණි.

 

 

 

ආරක්‍ෂක කටයුතු සඳහා යුද්ධ හමුදාව භාවිතාකල තවත් උතුරේ ඉඩම් අක්කර 1200 කට වැඩි ප්‍රමාණයක් නිදහස් කෙරේ

[2019/01/22]

යුද්ධ හමුදාව විසින් ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල උදයාරකට්ටු සහ තවත් ගොවිපොලවල් තුනක් ඇතුළු මූලතිව්, කිලිනොච්චි, යාපනය සහ වවුනියාව දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201.88 ක් සඳුදා (ජනවාරි 21) දින නිදහස් කල බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

 

 

 

ශ‍්‍රී ලංකා – පිලිපීන රාජ්‍ය නායකයෝ හමු වෙති

[2019/01/17]

ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව ‍ෙක්‍ෂත‍්‍ර ඔස්සේ යළි පණ ගැන්වීම සඳහා ආර්ථික කවුන්සිලයක් පිහිටුවා ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වෙයි.

 

 

 

ජනාධිපතිතුමාගේ තෛපොංගල් පණිවුඩය

[2019/01/15]

මිනිස් වර්ගයාගේ ජීවනාලිය බදු ගොවිතැනට අවැසි ජලය, ආලෝකය, උෂ්ණත්වය සහ සුළග යන සාදක වලට අධිගෘහිත වූ සූර්ය දිව්‍ය රාජයාණන්ට කෘතඥතව පුදකරනු වස් ලෝකවාසී දෙමල ජනයා විසින් සමරනු ලබන තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පලකිරීමට ලද අවස්ථාව පිළිබද සතුටු වෙමි.

 

 

 

පාසල් අවට ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය ජාවාරමට හිස එසවීමට ඉඩ නොතබන ලෙස ජනපතිගෙන් පොලිසියට උපදෙස්

[2019/01/11]

පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු කෙරෙන විවිධ විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම මුලිනුපුටා දැමීමේ විධිමත් වැඩපිළිවෙළක් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

 

 

 

හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය

[2019/01/10]

සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ සිදු විය.

 

 

 

 

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්ව සිව් වසරක් සපිරේ

[2019/01/09]

අදින් සිව් වසරකට පෙර තමා මේ රටේ රාජ්‍ය නායකයා ලෙස පත්කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටුකිරීමට ගෙන ගිය වැඩපිළිවෙලේ සාර්ථක මෙන්ම අසාරථක වූ අවස්ථා ද තිබු බවත්, එහි දී ලැබු ජයග්‍රහණ තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරනවා සේම ලැබු පරාජයන් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඉදිරි කාලසිමාව තුළ දී කැපවන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

 

 

 

උතුරේ ජනතාවට සහන රැගෙන දකුණේ සිට ගමන් ඇරඹූ “මනුෂ්‍යත්වයේ දුම්රිය” කිලිනොච්චියට ළඟා වෙයි

[2019/01/02]

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට සහන රැුගෙන ඊයේ පස්වරුවේ (31) මාතරින් ගමන් ඇරඹු ,මනුෂ්‍යත්වයේ දුම්රිය, අද (01) ප.ව 2.30 ට පමණ කිලිනොච්චි දුම්රිය ස්ථානය වෙත ළඟා විය.

 

 

 

 

ජනාධිපතිතුමන්ගේ නව අවුරුදු සුභපැතුම් පණිවිඩය

[2019/01/01]

නව වසර උදාව සිදුවීමට ආසන්නතම මොහොත වනාහි, ගත වු වසරේ අප ගෙවාලු ජීවිතය එහි ජය පරාජයන්, සරු නිසරුකම් පිළිබඳ ව යළි මෙනෙහි කිරීමට සුදුසුම කාලය යි.

 


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ