නාවික හමුදාව විසින් පානීය ජලය සහ වියළි සලාක අවශ්‍යතා ඇති අය අතර බෙදා දෙන ලදී.

මාර්තු 27, 2020

නාවික හමුදාව විසින් ඉටුකරනු ලබන තවත් ප්‍රජා සත්කාරයක් ලෙස උතුරු මැද නාවික හමුදා විධානය තුල ඇති ආගමික ස්ථාන සහ දුප්පත් පවුල් සඳහා පානීය ජලය සහ වියළි සලාක බෙදා හැරීමේ වැඩසටහනක් මාර්තු 26 සිට 27 යන දෙදින තුල පවත්වන ලදි.

COVID-19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් අඩු ආදායම් ලාභී ප්‍රජාවට ආධාර කිරීම සඳහා නාවික හමුදාපති  වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ නියෝගය යටතේ එය පවත්වන  ලදී.

උතුරු මැද නාවික ආඥාපති රියර් අද්මිරාල් ලලිත් දිසනායකගේ අධීක්ෂණය යටතේ නාවික හමුදාවේ ජංගම ජල පිරිපහදු යන්ත්‍රය මගින් ආරක්ෂිත පානීය ජලය ලබා දෙන ලදි.