පසුගිය පුවත්
නික්ම යන අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Chung මැතිනිය ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය නිමා කර මෙරටින් නික්ම යන අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි, ගරු Julie Chung මැතිනිය අද (ජනවාරි 08) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි
දස වන පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ රැස් විය.
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා
අතර හමුවක් පැවැත්වේ
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් Upendra Dwivedi, අද (ජනවාරි 07) දින කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමු විය. ඉන්දීය යුද හමුදා ප්‍රධානියා ප්‍රමුඛ දුත පිරිසක් මෙරට නිල සංචාරයක් සඳහා ඊයේ දින ශ්‍රී ලංකාවට පැමිණියහ.
ඉන්දීය යුද හමුදා ප්‍රධානී ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල් Upendra Dwivedi අද (ජන. 07) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. ඉන්දීය යුද හමුදා ප්‍රධානියා ඇතුළු දුත පිරිස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඊයේ දිවයිනට ළඟා වුහ.
ආරක්ෂක අමාත්‍යාංශය මඟින් 2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සම්බන්ධයෙන් වන නීතිමය දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
නීතිවිරෝධී වත්කම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටේ ආරක්‍ෂක සහ නීතිමය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින්, 2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්, අද (ජන. 06) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පවත්වන ලදි. ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ මඟපෙන්වීම යටතේ පැවැත්වුණු මෙම පුහුණු සැසිය ඔස්සේ, තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාපිත බැඳීම් සහ තොරතුරු වසන් කිරීමේ ප්‍රතිවිපාක කෙරෙහි මුලික වශයෙන් අවධානය යොමු කරන ලදි. සංවිධානාත්මක මූල්‍ය අපරාධ මර්දනය කිරීමේ ජාතික ප්‍රයත්නයේ මූලික පදනමක් වශයෙන් මෙම වැඩමුළුව ක්‍රියාත්මක කරනු ලැබීය.
ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්ගේ දිනක වැටුප ලෙස රුපියල් මිලියන 372 ක් ‘Rebuilding Sri Lanka’ අරමුදලට
ශ්‍රී ලංකා යුධ හමුදාව , ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු නිලයන් විසින් තම දිනක මූලික වැටුප දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය නව වසර වෙනුවෙන් සුබසාධන වැඩසටහන් රැසක් දියත් කරයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ පූර්ණ මඟපෙන්වීම යටතේ, අද (ජන. 01) දින විවිධ සමාජ සුබසාධන සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ආරම්භ කරන ලදී.
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමේ නිල උත්සවයේදී සාමූහික ප්‍රයත්නයකින් වැඩ කිරීමට සැමට ආරාධනා කරයි
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (ජනවාරි 01) උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී සම්ප්‍රදායිකව නව වසරෙ වැඩ ආරම්භ කිරීමේ සහ රාජ්‍යය සේවකයින්ගේ දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී විය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත්වුවන්ට ලැබුණු
විදේශීය මානුෂිය ආධාර බෙදාහැරීම
දිට්වා සුළි කුණාටු ආපදාවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විදේශ රටවල් 22ක් සහ ලෝක ආහාර වැඩසටහන (WFP) මඟින් ලබාදෙන මානුෂීය සහනාධාර දිවයිනට ලැබුනු අතර, මෙම විදේශීය ආධාර තොග නිසි ලෙස කළමනාකරණය කිරීම, සම්බන්ධීකරණය සහ ඒවා ඵලදායී ලෙස ජනතාව අතර බෙදා හැරීම තහවුරු කරනු පිණිස ගරු ජනාධිපතිතුමන් විසින් 'විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුව' (HL-FRAC) පිහිටුවනු ලැබීය.
ජනාධිපතිතුමන්ගේ අලුත් අවුරුදු පණිවිඩය
2026 නව වසරට අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට නැවත ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරා ගත් ජාතියක් ලෙසය.
නත්තල් පණිවිඩය
ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත බැතියෙන් සමරන අසිරිමත් නත්තල අදට (25) යෙදී තිබේ.
සුභ නත්තලක් වේවා!
අසිරිමත් නත්තල සමරණ අද සහ අලුත් අවුරුද්ද පුරාවටම ඔබට ප්‍රීතිය හා සාමය උදා වේවා
විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ කමිටුවේ (HL-FRAC) පස්වන
සැසිවාරය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වේ
විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවේ පස්වන රැස්වීම, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (දෙසැ. 23) දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන (DMC) පරිශ්‍රයේදී පැවැත්විණ.
ඊජිප්තු තානාපතිවරයා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ අරාබි ජනරජයේ ඊජිප්තු තානාපති, අතිගරු Adel Ibrahim මැතිතුමා ඊයේ (දෙසැම්බර් 23) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමු විය.
ආරක්ෂක අමාත්‍යාංශය මගින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහා සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ ජාතික බුද්ධි ප්‍රධානීගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, ජාතියේ ඩිජිටල් සීමාවන් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක සයිබර් විධාන ඒකකය (DCC) විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහා පුළුල් සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් 19 වන දින පවත්වන ලදි.
රටක් ලෙස ඉදිරියට යා හැක්කේ කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි තිර
අදිටනින් තම වගකීම් ඉටු කිරීමෙන් පමණයි
රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි, තිර අදිටනින් සහ එකම අරමුණකින් යුතුව සියලු දෙනා තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සංවිධායකත්වයෙන් ගම්පොල පුපුරැස්ස ප්‍රදේශයේ අවතැන් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් පවත්වයි
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පසුගියදා ඇති වූ ස්වභාවික ව්‍යසනයෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය සහ රජයේ කාන්තා වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව සංවිධානය කළ විශේෂ වෛද්‍ය සායනයක් පසුගියදා (දෙසැම්බර් 20) දින සාර්ථකව පවත්වන ලදි.
දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන්ගේ අවසන් පර්යේෂණ
ඉදිරිපත් කිරීම සාර්ථකව පවත්වයි
කෙඩෙට් නිලධාරි අංක - 93, අංක - 94බී, කෙටිකාලීන පාඨමාලා අංක - 23, කාන්තා 20, (ස්වේච්ඡා) අංක - 62 සහ කාන්තා (ස්වේච්ඡා) අංක -19 යන පාඨමාලාවන් හදාරන ලද කෙඩෙට් නිලධාරින්ගේ සිය අධ්‍යයන සහ යුද පුහුණු කාලසීමාවේ නිමාව සනිටුහන් කරමින්, ඔවුන්ගේ අවසන් පර්යේෂණ ඉදිරිපත් කිරීම 2025 දෙසැම්බර් මස 20 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී පවත්වන ලදී.
උත්සව සමයේ මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදා මූලස්ථානයේ “මෙහෙයුම් මැදිරියක්” ස්ථාපිත කිරීමට ආරක්‍ෂක ලේකම්වරයාගෙන් උපදෙස්
එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්‍ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් "මෙහෙයුම් මැදිරියක්" ස්ථාපිත කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබාදී තිබේ.
‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය යථාවත් කිරීම පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදි මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන,ධීවර, ප්‍රවාහන, නිවාස සහ ඉදිකිරීම් ආදී විෂයයන්ට අයත් අමාත්‍යාංශවල ලේකම්වරුන්, අදාළ ආයතනවල ප්‍රධානීන් සහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (20) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
විදේශ ආපදා සහන ආධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුවේ (HL-FRAC) සිව්වන සැසිය පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වේ
විදේශ ආපදා සහන ආධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුවේ (HL-FRAC) සිව්වන සැසිය, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 19 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ආපදා සහන කටයුතු සඳහා ලැබෙන විදේශ ආධාර කළමනාකරණය සහ බෙදා හැරීම විධිමත් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීම වේ.
අයහපත් කාලගුණයෙන් අභිමංසල-3 මධ්‍යස්ථානයට වූ හානි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට
පසුගියදා ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් පාන්ගොල්ල ‘අභිමංසල-3’ විශේෂිත සුවසෙවන පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සිදුවූ බලපෑම සොයා බැලීම සඳහා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගිය දා (දෙසැම්බර් 14) නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහිදී, මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් නිරීක්‍ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අයහපත් කාලගුණය හේතුවෙන් නේවාසික රණවිරුවන්ගේ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී මතුව ඇති බාධාවන් සහ පවතින ගැටලු පිළිබඳව කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් ඒවා කඩිනමින් විසඳීමට අවශ්‍ය මඟපෙන්වීම් ලබා දුන්නේය.
උත්සව සමයේ ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ගාලු මුවදොර “මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්” ස්ථාපිත කෙරේ
පවතින උත්සව සමය නිමිත්තෙන් ගාලු මුවදොර පරිශ්‍රයට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ පහසුව සහ ආරක්‍ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පරිශ්‍රයේ විශේෂ ‘‘මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්’’ (Public Assistance Helpdesk) 2025 දෙසැම්බර් 21 ස්ථාපිත කෙරේ. ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය හරහා මහජනතාවට අවශ්‍ය සහය කඩිනමින් ලබාදීම සඳහා පූර්ණ ආරක්‍ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනු ඇත.
අධික ජල ගැලීමෙන් පේරාදෙණිය කලු පාලම සහ කළුගමුව පාලම් තුළ සිරවූ දෑ ඉවත් කිරීමේ නාවික
හමුදා මෙහෙයුම් සාර්ථකව අවසන් වෙයි
"දිට්වා" සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණික තත්වය හමුවේ මහවැළි ගඟේ ජල මට්ටම ඉහල යෑමෙන්, ජලයේ ගසාගෙන පැමිණි විශාල දැව කඳන් සහ උනපඳුරු ඇතුළු අවශේෂ, පේරාදෙණිය කලු පාලම දුම්රිය පාලම සහ නිල්ලඹ කළුගමුව පාලම් තුල සිරවී, එම පාලම් ඔස්සේ ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වූ අතර, එම පාලම් යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදා කිමිදුම් සහය හා ශිල්පීය දායකත්වය ලබාදීම වෙනුවෙන් ආරම්භ කළ විශේෂ මෙහෙයුම් 2025 දෙසැම්බර් මස 14 දින සහ 17 දින සාර්ථකව අවසන් විය.

















