නවතම පුවත්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සර සැමරුම් උත්සවයට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, දශක ගණනාවක් පුරා ජාතිය වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට සහ ගෞරවනීය සේවය අනුස්මරණය කරමින් පවත්වනු ලැබූ 75 වන සංවත්සර සැමරුම් උත්සවය, ඊයේ (මාර්තු 03) අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. රට වෙනුවෙන් කැපවීමෙන් සහ පරාර්ථකාමී අරමුණු පෙරදැරිව කටයුතු කරන ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම, පරිත්‍යාගය සහ අභිමානවත් උරුමය සමරනු වස් මෙම උත්සවය ඊයේ සන්ධ්‍යාවේ අත්තිඩිය 'Eagles’ Lakeside' උත්සව ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබිණ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සර පදක්කම් ප්‍රධානෝත්සවය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහ ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සර සැමරුමට සමගාමීව සංවිධානය කරන ලද සමරු පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවය අද (මාර්තු 03) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
හම්බන්තොට පැවති මහජන දින වැඩසටහනේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්‍රාමික රණවිරුවන්ගේ ගැටළු පිළිබඳව අවධානය යොමු කරයි
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 02 වන දින හම්බන්තොටදී මහජන දින වැඩසටහනක් පැවැත්විණි.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු විධිමත් ජාතික ප්‍රතිසංස්කරණ යාන්ත්‍රණයක් උදෙසා පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමේ ක්‍රියාවලිය සඳහා පදනම සකස් කරයි
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ප්‍රධාන දේශීය හා ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සමඟ එක්ව පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමේ ක්‍රියාවලිය මෙහෙයවනු ලබයි. මෙම ක්‍රියාවලිය මඟින් නිශ්චිත කාලරාමුවකට අනුකූලව, බලපෑමට ලක් වූ සියලුම ක්ෂේත්‍රවල සිදුවූ භෞතික හානි, ආර්ථික හානි සහ සමාජීය බලපෑම් පිළිබඳ දත්ත ක්‍රමානුකූලව රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ ඇගයීම සිදු කරනු ලැබේ.
ජාතික ආපදා ප්‍රතිචාර රාමුව ශක්තිමත් කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී
දිවයිනට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් තත්ත්වයෙන් පසු සිදු කෙරුණු පසු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම සිවිල් වැසියන් සමඟ ආරක්‍ෂක අංශ ඒකාබද්ධ වෙමින් විශාල කාර්යභාරයක් සිදු කරනු ලැබීය. එම සහන සේවා මෙහෙයුම් ඔස්සේ ආපදාවට ලක්වූ ජනතාවට සිදු වූ බලපෑම් අවම කරගැනීමට හැකි වුවද, ජාතික ආපදා කළමනාකරණ යාන්ත්‍රණය තුළ, තීරණාත්මක මෙහෙයුම්, ව්‍යුහාත්මක ක්‍රියාවලිය සහ ආයතනික වශයෙන් පවතින අඩුපාඩු රැසක් අනාවරණය විය.
විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුවේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ
විදේශ ආපදා සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කමිටුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (පෙබරවාරි 26) දින කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී රැස්වූහ.
පෞද්ගලික ආරක්‍ෂක සේවා නියාමනය කිරීමේ නව නීති රෙගුලාසි හදුන්වා දීම
ආරක්‍ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම හා සෘජු අධීක්‍ෂණය යටතේ ජාතික ප්‍රමුඛතාවන්ට අනුකූලව පෞද්ගලික ආරක්‍ෂක සේවාවන්හි වෘත්තීයභාවය, සේවා ගුණාත්මකභාවය සහ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් එම ක්ෂේත්‍රය නියාමනය කරන නීති පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම නව වැඩපිළිවෙළ යටතේ පෞද්ගලික ආරක්‍ෂක ආයතන ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබාදීම සඳහා දැනට ක්‍රියාත්මක ක්‍රියා පටිපාටිය වඩාත් විධිමත් කෙරෙන අතර, ඒ යටතේ ලබාදෙන සේවාවන් වඩා නිරවද්‍ය ලෙස වර්ගීකරණය කිරීම සහ අධීක්‍ෂණය පුළුල් කිරීම මගින් ආරක්‍ෂක සේවාවන්හි වගකීම් සහගතභාවය තහවුරු කිරීමට පියවර ගැනේ. එම ක්ෂේත්‍රයේ සමස්ත ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා පිළිගත් පුහුණු වැඩසටහන්, නිපුණතා තක්සේරුකරණ ක්‍රියාවලි සහ වෘත්තීයමය න්‍යාය ධර්ම පද්ධතියක් හඳුන්වා දීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කර ඇත.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රණවිරුවන්ගේ ඉඩම් ගැටළු විසඳීම සඳහා විශේෂ රැස්වීමක් පැවැත්වීම
රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් හඳුනාගෙන ඇති, රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණ දෙන ඉඩම් සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම සහ ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා වූ විශේෂ හමුවක් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (පෙබරවාරි 24) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
ආරක්‍ෂක ලේකම්වරයා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක
මාලඹේ පිහිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහලේ කළමණාකාරීත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරීමට මෑතකදී ගනු ලැබූ කැබිනට් තීරණයෙන් අනතුරුව, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (පෙබරවාරි 23) දින එම රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහිදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් ආරක්‍ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
සෞදි අරාබියේ රාජ්‍ය දිනය සැමරීමේ උත්සවයට
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී වෙයි
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලය විසින් වසර 298ක (1727 සිට) අභිමානවත් ඉතිහාසය සැමරීම වෙනුවෙන් සංවිධානය කරන ලද උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් ඊයේ (පෙබරවාරි 20) කොළඹ ITC රත්නදීප හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී විය. ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින ශක්තිමත් සහ මිත්‍රශීලී සබඳතා තවදුරටත් තහවුරු කරමින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මෙහි ගෞරවනීය අමුත්තෙකු ලෙස සහභාගී විය.
ඇමෙරිකානු පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී,
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
ඇමෙරිකානු පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් Stephen T. "Web" Koehler 2026 පෙබරවාරි 19 සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වෙමින් සිටින අතරතුර ඊයේ (පෙබරවාරි 20) කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා රුසියානු Defender of the Fatherland’s Day සැමරුම් උත්සවයට එක්වෙයි
කොළඹ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද Defender of the Fatherland’s Day සැමරුම් උත්සවය ඊයේ (පෙබරවාරි 19) දින කොළඹ සිනමන් ලයිෆ්, සිටි ඔෆ් ඩ්‍රීම්ස් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගි වු අතර, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද මෙම උත්සවයට සහභාගී විය.
ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
ජාතික සයිබර් ආරක්‍ෂාව ශක්තිමත් කිරීමේ ක්‍රියාකාරී පියවරක් ලෙස, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ජාතික බුද්ධි ප්‍රධානීගේ උපදෙස් මත, ආරක්‍ෂක සයිබර් විධානය විසින් සිය තෙවන සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහන 2026 පෙබරවාරි 19 වන දින පවත්වන ලදී. මෙය කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ජාතික මට්ටමේ කාන්තා හා ළමා ඒකක නිලධාරීන් ඇතුළු කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කර තිබුණි.
ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් නාවික බල ඇණියේ අණදෙන නිලධාරී
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් නාවික බල ඇණියේ අණදෙන නිලධාරී, අද්මිරාල් Stephen T. Koehler අද (පෙබරවාරි 19) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් අතිගරු Sandile Edwin Schalk මැතිතුමා අද (පෙබරවාරි 19) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
ආරක්‍ෂක අමාත්‍යාංශ මහජන දිනයේදී රණවිරු සුබසාධනය උදෙසා වන කැපවීම යළිත් තහවුරු කරයි
ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ අද (පෙබරවාරි 18) දින පැවති මහජන දින වැඩසටහනේදී, රණවිරුවන් වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ නොසැලෙන කැපවීම යළිත් තහවුරු කරනු ලැබීය. ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මෙම මහජන දින වැඩසටහන පැවැත්විණි.
නීතිවිරෝධී ධීවර කටයුතු මැඬලීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ
නීතිවිරෝධී ධීවර කටයුතු මැඬලීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (පෙබරවාරි 17) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු හර්ෂණ නානායක්කාර, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු රත්න ගමගේ යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපති, අතිගරු Wiebe De Boer මැතිතුමා අද (පෙබරවාරි 17) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය.
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනිය ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු සමූහාණ්ඩුවේ තානාපතිනී, අතිගරු Dewi Gustina Tobing මැතිණිය, අද (පෙබරවාරි 17) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු වූවාය.
පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සහ ආරක්‍ෂක ලේකම්වරයා
අතර හමුවක්
පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Mohsin Naqvi මහතා සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතර නිල හමුවක් ඊයේ (පෙබරවාරි 16) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.
ආරක්‍ෂක ලේකම්වරයා කොළඹ පැවැති මාලදිවයින් “Maahefun” උත්සව
අවස්ථාවකට සහභාගී වේ
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ශ්‍රී ලංකාවේ මාලදිවයින් සමූහාණ්ඩුවේ මහ කොමසාරිස් අතිගරු Masood Imad මැතිතුමා විසින් අද (පෙබරවාරි 16) දින සංවිධානය කරන ලද විශේෂ “Maahefun” උත්සවයකට සහභාගී වූයේය.
සමුද්‍රීය අපරාධ මර්දනය සඳහා ශ්‍රී ලංකාව සහ සවුදි අරාබිය නාවික
සබඳතා ශක්තිමත් කරයි
සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පුළුල් ලෙස ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරමින්, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ සවුදි අරාබියේ රාජකීය නාවික හමුදාවේ (RSNF) හමුදාපති වයිස් අද්මිරාල් Mohammed bin Abdulrahman Al-Ghribi, අතර නිළ සාකච්ඡාවක් පැවැත්විණි. මෙම හමුව සවුදි අරාබියේ රියාද් නුවර පැවැත්වෙන 2026 ලෝක ආරක්‍ෂක ප්‍රදර්ශනයට (World Defence Show) සමගාමීව එරට ආරක්‍ෂක අමාත්‍යාංශය පරිශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය ගුවන් ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරයි
ගුවන් ආරක්‍ෂක ක්‍රියාවලිය සහ හැකියාවන් වර්ධනය කිරීම කෙරෙහි ක්ෂේත්‍රයේ අනාගත සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහ සෞදි අරාබි රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් පසුගියදා විශේෂ හමුවක් පැවැත්වූහ.
සෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකාව, දෙරටේ නාවික ධාරිතාවන් ඉහළ නැංවීමේ මුලපිරීම් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි
ලෝක ආරක්‍ෂක ප්‍රදර්ශනය - 2026 (World Defence Show) සඳහා සහභාගී වීමට සෞදි අරාබියේ නිළ සංචාරයක නිරත වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ සෞදි අරාබි නියෝජ්‍ය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් Fahad Al Ghofaily අතර නිළ හමුවක් පසුගියදා පැවැත්විණි. මෙහිදී දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු වූ අතර, මෑතකාලීන ජාතික ආපදාවන්හිදී සෞදි අරාබිය ලබාදුන් සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.











