නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

‘EX - DOSTI – XVII’ ත්‍රෛයිපාර්ශ්වීය නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්වෙයි

ඉන්දියානු සාගර කාළාපය තුල සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ සහභාගීත්වයෙන් 2026 ජනවාරි මස 16 වැනි දින සිට 19 වැනි දින දක්වා මාලදිවයින් මුහුදු තීරයේදී පැවති ‘EX – DOSTI - XVII ’ ත්‍රෛයිපාර්ශ්වික නාවික අභ්‍යසය සාර්ථකව නිමාවට පත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

Lanka Ride 2026 පාපැදි තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි තරඟාවලියක් වන Lanka Ride 2026 තරඟාවලිය 2026 ජනවාරි මස 18 වන දින අවසන් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, මේජර් ජෙනරල් කේ. ඩබ්ලිව්. ජයවීර අද (ජන. 16) දින කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව පශ්චාත් ආපදා ඇගයීම සඳහා වූ මෙහෙයුම් කමිටුව රැස්වෙයි

දිවයිනට බලපෑ ‘දිත්වා' (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ දැවැන්ත විනාශයෙන් පසු රට යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ස්ථාපිත 'Rebuilding Sri Lanka' විස්තීර්ණ ජාතික වැඩසටහන, අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි 13 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී නිල වශයෙන් ආරම්භ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තෛපොංගල් දින සුබ පැතුම් පණිවිඩය

ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සහ උද්‍යෝගයෙන් සමරන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සුභ තෛපොංගල් උත්සවයක් වේවා

ඔබ සැමට සාමය සතුට පිරි සුභ තෛපොංගල් උත්සවයක් වේවා...


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය නාවික හමුදාවේ සහකාර මාණ්ඩලික ප්‍රධානි ආරක්‍ෂක නියෝජ්‍ය
අමාත්‍යවරයා හමුවෙයි

ඉන්දීය නාවික හමුදාවේ සහකාර නාවික මාණ්ඩලික ප්‍රධානි (විදේශ සහයෝගීතාව සහ බුද්ධි) රියර් අද්මිරාල් Srinivas Maddula අද (ජනවාරි 14) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදි හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා සහන මෙහෙයුම් මධ්‍යයේ ‘රටම එකට’ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව නාවික හමුදාව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගැයීමට

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (ජනවාරි 13) අකුරේගොඩ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත මෙහෙයුම් මැදිරිය නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහිදී ‘රටම එකට’ වැඩසටහනේ ජාතික වැදගත්කම අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෑතකදී ඇති වූ ජාතික ආපදා තත්ත්වය හමුවේ සහන සේවා සඳහා නාවික හමුදාව විශිෂ්ට ලෙස දායක වෙමින් වුවද, එම වැඩසටහන අඛණ්ඩව හා කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව සිය ප්‍රශංසාව පිරිනැමීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිතවරිය
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික නියෝජිත Azusa Kubota මැතිනිය ඊයේ (ජනවාරි 13) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී (විදේශ සහයෝගිතා සහ නාවික බුද්ධි) රියර් අද්මිරාල් Srinivas Maddula, අද (ජන. 13) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉලක්කගත මූල්‍ය සම්බාධක කමිටුව ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි අන්‍යෝන්‍ය ඇගයීම් ක්‍රියාවලිය වෙනුවෙන් වන පෙර සූදානම සමාලෝචනය කරයි

ඉලක්කගත මූල්‍ය සම්බාධක කමිටුවේ (Targeted Financial Sanctions Committee) රැස්වීමක් එහි ශ්‍රී ලංකාවේ බලධාරියා (Competent Authority) ලෙස කටයුතු කරන ආරක්‍ෂක ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජන. 12) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. 2026 මාර්තු මාසයේදී ආරම්භ වීමට නියමිත 'අන්‍යෝන්‍ය ඇගයීම්' (Mutual Evaluation) ක්‍රියාවලිය සඳහා අදාළ පාර්ශ්වකරුවන්ගේ පෙර සූදානම සමාලෝචනය කිරීම මෙහි මූලික අරමුණ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල 2024/2025 පනාගොඩදී උත්කර්ෂවත් සමාප්ති උළෙලක් සමඟින් නිමාවට පත්වේ

13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල 2024/2025 ඊයේ (ජනවාරි 12) දින පනාගොඩ යුද හමුදා කඳවුරේ පැවැත්වූ අභිමානවත් සහ වර්ණවත් සමාප්ති උළෙලකින් සාර්ථකව නිමාවට පත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු දරු දැරියන් වෙනුවෙන් ‘විරු සිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව පිරිනමයි

රණවිරු ප්‍රජාවගේ සුභසාධනය ඉහළ නැංවීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය දක්වන කැපවීම යළිත් තහවුරු කරමින්, රණවිරු පවුල්වල දරු දැරියන් 25 දෙනෙකු සඳහා සංකේතාත්මකව අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීමේ ‘විරු සිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අද (ජනවාරි 13) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුව (HL-FRAC) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වෙයි

විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුව (HL-FRAC) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජනවාරි 8) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නික්ම යන අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Chung මැතිනිය ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය නිමා කර මෙරටින් නික්ම යන අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි, ගරු Julie Chung මැතිනිය අද (ජනවාරි 08) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

දස වන පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (07) පස්වරුවේ රැස් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා
අතර හමුවක් පැවැත්වේ

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් Upendra Dwivedi, අද (ජනවාරි 07) දින කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමු විය. ඉන්දීය යුද හමුදා ප්‍රධානියා ප්‍රමුඛ දුත පිරිසක් මෙරට නිල සංචාරයක් සඳහා ඊයේ දින ශ්‍රී ලංකාවට පැමිණියහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල්  Upendra Dwivedi අද (ජන. 07) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. ඉන්දීය යුද හමුදා ප්‍රධානියා ඇතුළු දුත පිරිස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඊයේ දිවයිනට ළඟා වුහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් 2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සම්බන්ධයෙන් වන නීතිමය දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

නීතිවිරෝධී වත්කම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටේ ආරක්‍ෂක සහ නීතිමය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින්, 2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්, අද (ජන. 06) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පවත්වන ලදි. ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ මඟපෙන්වීම යටතේ පැවැත්වුණු මෙම පුහුණු සැසිය ඔස්සේ, තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාපිත බැඳීම් සහ තොරතුරු වසන් කිරීමේ ප්‍රතිවිපාක කෙරෙහි මුලික වශයෙන් අවධානය යොමු කරන ලදි. සංවිධානාත්මක මූල්‍ය අපරාධ මර්දනය කිරීමේ ජාතික ප්‍රයත්නයේ මූලික පදනමක් වශයෙන් මෙම වැඩමුළුව ක්‍රියාත්මක කරනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්ගේ දිනක වැටුප ලෙස රුපියල් මිලියන 372 ක් ‘Rebuilding Sri Lanka’ අරමුදලට

ශ්‍රී ලංකා යුධ හමුදාව , ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු නිලයන් විසින් තම දිනක මූලික වැටුප දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමේ නිල උත්සවයේදී සාමූහික ප්‍රයත්නයකින් වැඩ කිරීමට සැමට ආරාධනා කරයි

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (ජනවාරි 01) උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී සම්ප්‍රදායිකව නව වසරෙ වැඩ ආරම්භ කිරීමේ සහ රාජ්‍යය සේවකයින්ගේ දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත්වුවන්ට ලැබුණු
විදේශීය මානුෂිය ආධාර බෙදාහැරීම

දිට්වා සුළි කුණාටු ආපදාවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විදේශ රටවල් 22ක් සහ ලෝක ආහාර වැඩසටහන (WFP) මඟින් ලබාදෙන මානුෂීය සහනාධාර දිවයිනට ලැබුනු අතර, මෙම විදේශීය ආධාර තොග නිසි ලෙස කළමනාකරණය කිරීම, සම්බන්ධීකරණය සහ ඒවා ඵලදායී ලෙස ජනතාව අතර බෙදා හැරීම තහවුරු කරනු පිණිස ගරු ජනාධිපතිතුමන් විසින් 'විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුව' (HL-FRAC) පිහිටුවනු ලැබීය.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමන්ගේ අලුත් අවුරුදු පණිවිඩය

2026 නව වසරට අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට නැවත ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරා ගත් ජාතියක් ලෙසය.



පසුගිය පුවත් | පසුගිය පුවත්

නත්තල් පණිවිඩය

ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත බැතියෙන් සමරන අසිරිමත් නත්තල අදට (25) යෙදී තිබේ.