පුවත් කෙටියෙන්
යුද හමුදාවෙන් කුඹුරුපිඩ්ඩි ගම්මානයට නව ප්‍රතිආශ්‍රැත
ජල පිරිපහදු මධ්‍යස්ථානයක්
නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා නව ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථානයක් පසුගියදා ඉදිකරන ලදි.
ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය
වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ධුරය නීත්‍යානුකූල සේවා දිගුවක් නොමැතිව සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබේ.
කාබනික වගාවේ තාක්ෂණික ක්‍රම භාවිතය පිලිබඳ රණවිරුවන්
දැනුවත් කිරීමේ වැඩසටහනක්
රණවිරු සේවා අධිකාරියේ සංවිධානයෙන් රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ළඟම ඥාතීන් සඳහා කාබනික පොහොර භාවිතය, ගෙවතු වගාව, වී ගොවිතැන නගා සිටුවීම පිලිබඳ වැඩසටහනක් පසුගියදා ඇඹිලිපිටියෙදී පැවැත්විණි.
රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ක්‍රියාකාරී කෘතීම අත් ලබාදේ
රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ක්‍රියාකාරී කෘතීම අත් ලබාදීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරිය මගින් සංවිධානය කර ඇත.
පොල්වත්ත පවුලෙන් පොළොන්නරුව රණවිරුවෙකුට විද්‍යුත් ආරෝපිත
යතුරු පැදියක් පරිත්‍යාග කෙරේ
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ රණවිරු සංසදයේ ජී.ඒ.එස්.චතුරංග රණවිරුවා වෙත විද්‍යුත් ආරෝපිත යතුරු පැදියක් පරිත්‍යාග කිරීම ප්‍රසාද් පොල්වත්ත මහතා ඇතුළු එම පවුලේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් අද දින රණවිරු සේවා අධිකාරියේ දී සිදුවිය.
බලංගොඩ රණවිරු පවුල් නවයකට සින්නක්කර ඔප්පු ප්‍රදානය කෙරේ
ඉඩම් නොමැති රණවිරුවන් වෙත ලබාදීම සඳහා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලියකු වන L.K කුසුමාවතී මහත්මිය විසින් තම මියගිය ස්වාමිපුරුෂයාට පිං පිණිස තෑගි ඔප්පුවකින් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද රෑඩ් දෙකයි පර්චස් 38 ක ඉඩමෙන් පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබලි නමයක් ආබාධිත රණවිරුවන් 8 දෙනෙකුට සහ මියගිය රණවිරුවෙකුගේ මවකට ලබා දීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බලංගොඩ රණවිරු ගම්මානයේ දී පවත්වන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව 71 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වන සංවත්සරය අද (මාර්තු 02) දිනට යෙදී ඇති අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාව සිය සංවත්සර උත්සවය පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ 12වන සංවත්සරය සැමරීම
වර්ෂ 2009 අංක 41 දරණ වෙරළ ආරක්ෂක පනත මගින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වර්ෂ 2010 මාර්තු මස 4 වන දින එවකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ගාලු වරාය පරිශ්‍රයේ දී උත්සවශ්‍රීයෙන් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද අතර වර්ෂ 2022 මාර්තු මස 04 වන දිනට සිය 12 වන සංවත්සරය සමරණු ලබයි.
ඉන්දීය නාවික හමුදා නෞකාවක් ත්‍රිකුණාමලය වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් කිමිදුම් සහය ලබා දෙන නෞකාවක් වන ‘නිරීක්ක්‍ෂාක්’ (INS NIREEKSHAK) නෞකාව සඳුදා (පෙබ 28) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
සාම සාධක මෙහෙයුම් සඳහා වන එක්සත් ජාතීන්ගේ උප මහලේකම්වරයා මිනුස්කා හි ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම වෙත පැමිණෙයි
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා වන එක්සත් ජාතීන්ගේ උප මහලේකම්, අතිගරු Jean-Pierre Lacroix ගේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ නැගෙනහිර කොටසේ නිල සංචාරය සඳහා 2022 පෙබරවාරි 25 වන දින සත්කාරකත්වය ලබා දී ඇති බව, ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරයි.
කාබනික වී වගාවේ තාක්ෂණික ක්‍රම භාවිතයෙන් වැඩි අස්වැන්නක්
ලබාගැනීමේ දැනුම රණවිරුවන්ට
රණවිරු සේවා අධිකාරියේ ව්‍යවසාය සංවර්ධන අංශයේ සංවිධානයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා කාබනික වී වගාව තුලින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි සරල තාක්ෂණික ක්‍රම ඇතුළත් ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් මැදිරිගිරිය, බිසෝපුර ගම්මානයේදී පසුගියදා පවත්වන ලදී.
රණක්ෂිත රණවිරුවන් සවිබලගැන්වීම අරමුණු කරගත් විද්‍යුත් යතුරු පැදි ප්‍රධානය ඇතුගල්පුර දී
වයඹ පළාත තුල ජීවත් වන රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි ප්‍රදානය කිරීමේ තවත් වැඩසටහනක් රණව්රු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 පෙබරවාරි මස 15 වැනිදා දින කුරුණෑගල පිහිටි වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශයට අයත් ලිච්චවී ශාලාවේ දී පැවැත්වීය.
කොතලාවල විශ්වවිද්‍යාල රෝහලේ පිළිකා සහ අක්ෂි රෝගීන් සඳහා නව වාට්ටු පහසුකම්
වේරහැර කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලේ පිළිකා සහ අක්ෂි රෝගීන් සඳහා (5B වාට්ටුව) වාට්ටු පහසුකම්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස්ගේ ප්‍රධානත්වයෙන් 2022 පෙබරවාරි 15 වැනි දින විවෘත කරන ලදී.
ශ්‍රී ලංකා භටයින්ගේ විශිෂ්ට සේවය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතගේ පැසසුමට
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත සහ මාලි හි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ (MINUSMA-මිනුස්මා) ප්‍රධානී එල්-ගසීම් වේන් මහතා ගාවෝහි පැවති ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායමේ පදක්කම් පෙළපාලියට පසුගිය සෙනසුරාදා (පෙබ 12) සහභාගී විය.
තවත් රණවිරු පවුල් සාමාජිකයින් සඳහා සහන සැලසේ
යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කර රණක්ෂිතයට පත් කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි සැරයන් එච්.එමි.එන්. බංඩාර රණවිරුවා හට සනීපාරක්ෂක පහසුකම් සපයා ගැනීම සඳහා මුදල් පරිත්‍යාගයක් ලබාදීම මෑතකදී සිදු කරන ලදී.
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ “La Jolla” අතර ගිවිසුමක්
කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය එහි අධ්‍යයන පර්යේෂණ පැවැත්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ “La Jolla” ආයතනය සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත.
කිලිනොච්චිය ප්‍රදේශයේ දිළිඳු පවුල් සඳහා වියළි සලාක මලු
ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් පසුගිය දා කිලිනොච්චිය ප්‍රදේශයේ දිළිඳු පවුල් වෙත වියළි සලාක ඇසුරුම් තොගයක් බෙදා දෙන ලදී.ඒ අනුව, පසුගිය සති අන්තයේ (පෙබරවාරි 5) කන්නන් දේවස්ථාන පරිශ්‍රයේ පැවති වැඩසටහනකදී තෝරාගත් පවුල් 42 කට වියළි සලාක මල්ලක් ලබා දීම සිදුවූ බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.
යාපනයේ ඩෙංගු මර්දනයට යුද හමුදා සහය
සෞඛ්‍ය අංශ මගින් ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව යුද හමුදා භට පිරිස් විසින් යාපනය නගර ප්‍රදේශය ආවරණය කරමින් දින 4 ක පිරිසිදු කිරීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
රණක්ෂිතයට පත් රණවිරුවනට කෘතිම අත් පා ලබාදීමේ වැඩසටහනක්
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණක්ෂිතයට රණවිරුවන් වෙනුවෙන් කෘත්‍රීම අත් සහ පාද සැකසීමේ ව්‍යාපෘතියක් යුද හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානක් වන රාගම රණවිරු සෙවණේ දී පසුගියදා ආරම්භ කරන ලදී.
අයිස් මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු මන්නාරමේදී නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලිසියේ සහය ඇතිව ඊයේ (පෙබ 04) මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී රුපියල් මිලියන 08 ක වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 76 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදාවෙන් යාපනය ශික්ෂණ රෝහලට ලේ පරිත්‍යාගයක්
යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ භටපිරිස් විසින් බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් සඳහා අවශ්‍ය රුධිර සංචිත පවත්වාගෙන යාම සඳහා රෝහලෙන් කරන ලද ඉල්ලීමකට අනුව යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුව වෙත ලේ පරිත්‍යාග කරන ලදී.
එන්නත් සතිය තුළ යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් බූස්ටර් මාත්‍රාව සපයයි
රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ‘එන්නත් සතිය’ තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජංගම වෛද්‍ය කණ්ඩායම් විසින් බූස්ටර් එන්නත් මාත්‍රා ලබාදීමේ වැඩසටහන රට පුරා ආරම්භ කර ඇත.
තවත් ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු සඳහා සහන සැලසේ
අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි දැනට පුර්ණ ආබාධිත තත්වයේ පසුවන රණවිරුවෙකු සඳහා රණවිරු සේවා අධිකාරිය විසින් මෑතකදී සායනික ඇඳක් ප්‍රදානය කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 5 ප්‍රහාරක බලඝණය වසර 31ක් සපුරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ (SLAF) අංක 5 ප්‍රහාරක බලඝණය අඟහරුවාදා (පෙබ 1) සිය 31 වන සංවත්සරය සමරන ලදී.
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ රාජකාරි සඳහා යුද හමුදා
සෙබළියන් ඇතුලත් කණ්ඩායමක්
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත යුද හමුදා පාබල හමුදා කණ්ඩායමේ විසිර යාමේ පෙළපාලිය ඊයේ (ජනවාරි 30) දින පනාගොඩ පිහිටි පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහභාගිත්වයෙන් සිදු විය.