බංග්ලාදේශ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්තුමන් හමුවේ

ජනවාරී 15, 2019

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමඩෝර් සයිඩ් මැක්සූමුල් හකීම් (Commodore Syed Maksumul Hakim) මහතා අද (ජනවාරි 14) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී ආරක්‍ෂක ලේකම්තුමන් සහ බංග්ලාදේශ ආරක්‍ෂක උපදේශක අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අවස්ථාව සිහිවීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.