"අපි වෙනුවෙන් අපි" අරමුදල
අප ගැන
2008 අංක 6 දරන පනත යටතේ “අපි වෙනුවෙන් අපි” අරමුදල ආරම්භ කර ඇති අතර, මෙරට හා විදෙස් ත්‍යාගශීලි ජනතාවගේ මුල්‍යාධාරයෙන් ගොඩනැගුණු “අපි වෙනුවෙන් අපි” අරමුදලේ මුලික පරමාර්ථය වනුයේ අඩු ආර්ථික මට්ටමකින් හෙබි හා රුදුරු ත්‍රස්තවාදය නිම කිරිමට උරදුන් සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ හිසට සෙවනක්, කුටුම්භයට නිවහනක් තනාදීම හෝ නිවාස ඉදිකර ගැනීමට මූල්‍යාධාර ලබාදීම මගින් ඔවුන්ගේ පවුල්වල සුරක්ෂිතභාවය තහවුරු කිරිමය.
යුද්ධයේදී මියගිය, අතුරුදහන්, ආබාධිත හා සේවයෙහි යෙදි සිටින සන්නද්ධ සේවාවල සාමාජිකයන් වෙනුවෙන් පුර්ණ නිවාස ඉදිකර දීමට රු.මිලියන 2ක් සහ අර්ධ නිවාස සම්පුර්ණ කර දීම සදහා උපරිමය රු.මිලියන 1ක ආධාර ලබා දිමේ ව්‍යාපෘතිය ආරක්‍ෂක අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍ය පහසුකම් “අපි වෙනුවෙන් අපි” අරමුදල මඟින් ලබා දෙනු ලැබේ.
“අපි වෙනුවෙන් අපි” අරමුදල යටතේ ව්‍යාපෘති වර්ග දෙකක් ක්‍රියාත්මක වේ.
පූර්ණ නිවාස ව්‍යාපෘතිය
මෙම ව්‍යාපෘතිය යටතේ අරමුදලින් රු. 2,000,000.00 ක් වැයකර සියලු පහසුකම් වලින් සමන්විත කාමර තුනකින් (03) යුතු වර්ග අඩි 900 ක් පමණ වන අංග සම්පුර්ණ නිවසක් ඉදිකර දීම සිදු කරයි.
අර්ධ නිවාස ව්‍යාපෘතිය
අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාසවල ඉතිරිව ඇති ඉදිකිරීම් සම්පුර්ණ කිරීම සදහා රු.1,000,000.00 ක උපරිමයකට යටත්ව ප්‍රතිලාභ ලබාදීම සිදු කරයි.
මෙම අරමුදල මගින් තෝරා ගනු ලබන රණවිරුවන් දීප ව්‍යාප්තව පැතිරී සිටින බැවින්, මුළු දිවයිනම ආවරණ වන පරිදි ප්‍රතිලාභීන් තෝරා දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධීකරණ නිලධාරීන් යොදවා සිදුකරනු ලබන අතර එහිදී ප්‍රතිලාභ ලබා ගැනීමට පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය.
පූර්ණ නිවාස ව්‍යාපෘතීන්හි නිවාස ප්‍රතිලාභීන්
1. 2009.05.19 පෙර සේවයට බැදී තිබීම
2. ක්‍රියාන්විතය හේතුවෙන් මියගිය/අතුරුදහන් රණවිරුවන්ගේ ළගම ඥාතීන්
3. ක්‍රියාන්විතය හේතුවෙන් ආබාධිත වූ රණවිරුවන් (ආබාධිත ප්‍රතිශතය 65%ට වඩා වැඩි)
අර්ධ නිවාස ව්‍යාපෘතීන්හි නිවාස ප්‍රතිලාභීන්
1. ක්‍රියාන්විතය හේතුවෙන් මියගිය/අතුරුදහන් රණවිරුවන්ගේ ළගම ඥාතීන්
2. ක්‍රියාන්විතය හේතුවෙන් ආබාධිත වූ රණවිරුවන්
3. 2009.05.19 දිනට පෙර සේවයට බැදී ක්‍රියාන්විතයට දායක වූ සේවයේ නියුක්ත හෝ විශ්‍රාමික රණවිරුවන්
විමසීම්
උක්ත ව්‍යාපෘතිය සඳහා අදාල අයදුම් පත් සියළුම ප්‍රාදේශිය කාර්යාල සහ ග්‍රාම නිලධාරි කාර්යාල මගින් ලබා ගත හැකි අතර, එම අයදුම්පත් සලකා බලා අවශ්‍ය ඉදිරි උපදෙස් හා ලිපි ලේඛන සම්පූර්ණ කර ගැනීමට සහය, නිර්දේශ පහත ආයතන විසින් ලබා දෙනු ඇත.
රණවිරුවා අයත් කාණ්ඩය ආයතනය යොමු කළ යුතු ලිපිනය
ෆැක්ස් අංකයවිද්යුත් තැපැල් ලිපිනය දුරකථන අංකය යුධ හමුදාවේ සියළුම රණවිරුවන් රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂ,
රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය,
යුද්ධ හමුදා මූලස්ථානය,
ශ්‍රී ජයවර්ධනපුර.011 2514842 dva@army.lk 011 4051139, 40 නාවික හමුදාවේ සියළුම රණවිරුවන් නාවික හමුදා සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂ,
නාවික හමුදා සුභසාධක අංශය,
නාවික හමුදා මූලස්ථානය,
කොළඹ.011 2395057 dnw@navy.lk 011 7190000 / 011 7192000 ගුවන් හමුදාවේ සියළුම රණවිරුවන් ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂ,
ගුවන් හමුදා සුභසාධක අංශය,
ගුවන් හමුදා මූලස්ථානය,
ශ්‍රී ජයවර්ධනපුර.011 2411044 slafwelfare@gmail.com 011 2340436 පොලිසියේ සියළුම රණවිරුවන් පොලිස් සුභසාධක කොට්ඨාශය අධ්‍යක්ෂ,
පොලිස් සුභසාධක කොට්ඨාශය,
නො.78,
මුක්තාර් ප්ලාසා ගොඩනැගිල්ල,
ග්‍රෑන්ඩ්පාස් පාර,
කොළඹ 14.011 2323075 digwalfare@ police.lk 011 2323095 (වැඩි විස්තර සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ අපි වෙනුවෙන් අපි අරමුදල - 011 2430860 - 6 දිගුව 10164/10162 )
"අපි වෙනුවෙන් අපි" අරමුදල යටතේ පූර්ණ/අර්ධ නිවාස ව්‍යාපෘතිය සහ "මෙත් සෙවණ" අර්ධ නිවාස ව්‍යාපෘතිය සඳහා ප්‍රතිලාභ ලබාදීමට තොරතුරු ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය භාගත කිරීම