බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ආර‍ක්‍ෂක ලේකම් හමුවෙයි

ජනවාරී 17, 2019

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ගරු ජේම්ස් ඩව්රිස් (HE Mr. James Dauris) මැතිතුමන් ඊයේ (ජනවාරි 16) ආර‍ක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී ආර‍ක්‍ෂක ලේකම්තුමන් සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් තුමන් අතර ද්විපාර්ශ්වික වැදගත්කමක් සහ අන්‍යොන්‍ය අදාලත්වයක් ඇති කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම හමුව සඳහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී විය.

මෙම අවස්ථාවට හමුදා සම්බන්ධිකරණ නිලධාරි මේජර් ජෙනරාල් ඩී.ඒ.ආර්. රණවක මහතාද සහභාගී විය.