ආරක්‍ෂක ලේකම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංචාරයක

ජුනි 03, 2019

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා 2019 ජුනි මස 01 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංචාරයක නිරත විය.

ගුවන් තොටුපල වෙත පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග මහතා සහ ගුවන් හමුදාවේ සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරයේ දී ආරක්‍ෂක ලේකම්තුමන් විසින් ගුවන් තොටුපොල ආරක්‍ෂක විධිවිධාන පිළිබඳව නිරීක්‍ෂණය කරන ලද අතර, එහි ආරක්‍ෂක විධිවිධාන පිළිබඳව ගුවන් හමුදාපතිතුමන්, ගුවන් තොටුපොල සහ ගුවෙන් සේවා සමාගමේ සභාපතිතුමන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ගුවන් තොටුපොල සහ ගුවන් සේවා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡාවක් ද පැවැත්විණි.