ශ්‍රී ලංකාව COVID - 19 ට එරෙහි සටන වැඩ කරන ජනතාවගේ සහාය ඇතිව ජය ගනු ඇත - ජනාධිපති

මැයි 01, 2020

අතීතයේ ඇති වූ දුෂ්කර හා අභියෝගාත්මක කාලයන් ජයගත් අත්දැකීම් සහිත ශ්‍රී ලංකාව නිසැකවම COVID - 19 ට එරෙහි සටන ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

අන්තර්ජාතික කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ COVID-19 බලපෑම නිසා ඇති වූ අභියෝග හමුවේ වැඩකරන ජනතාව සිදුකරන අසීමිත පරිත්‍යාගයන් වෙනුවෙන් තම ගෞරවය දැක්වීමට තමා මෙය අවස්ථාවක් කර ගන්නා බවයි.

ඉතිහාසය පුරාම අප මුහුණ දුන් හා ජයගත් අභියෝග බොහෝය. එවැනි සෑම අවස්ථාවකම රටේ ප්‍රමුඛස්ථානයටම ඒ සදහා  සෘජුවම බලපා ඇත්තේ කම්කරු පන්තිය විසි සිදු කල දායකත්වයයි. ඉතිහාසය පුරාම ඔවුන්ගේ දරාගැනීමේ හැකියාව සහ කැපවීම ඔප්පු කර පෙන්වා ඇති අතර එය සැබවින්ම කම්කරු පන්තියට විශාල ගෞරවයක් වනු ඇත.

ජනාධිපති රාජපක්ෂ මහතා පවසා සිටියේ දුෂ්කර තත්වයන් මධ්යයේ වුවද රජය වැඩකරන ජනතාවගේ දෛනික ජීවිතය කඩාකප්පල් වීමට ඉඩ නොදෙන බවයි.
“එවැනි තත්වයක් ඇතිවීමට අප කිසිදු ඉඩක් තබන්නේද නැත. ඒ හා සමානව, වසංගතයේ බලපෑම් අවම කරමින් නිෂ්පාදන හා සේවා අංශවල ක්‍රියාකාරිත්වය සහතික කරමින් ශ්‍රම බලකායේ දෛනික ජීවනෝපාය සුරක්ෂිත කිරීමට අපි පියවර ගන්නවා.” ඔහු සිය පණිවිඩයේ සඳහන් කළේය.