හරිමග සංවිධානයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට විෂබීජ නාශක කුටියක්

මැයි 04, 2020

හරිමග සංවිධානය විසින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත අද (මැයි 4) දින අමාත්‍යාංශ පරිශ්‍රයේ  පැවති උත්සවයකදී  විෂබීජ නාශක කුටියක් පරිත්‍යාග කළේය.

මේජර් ජෙනරාල් ගුණරත්න විසින් විෂබීජ නාශක කුටියේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කල අතර එය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සහ අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණෙන අමුත්තන් විෂබීජහරණය කිරීම සඳහා සුදුසු පිවිසුම් ස්ථානයක සවි කිරීමට අදහස් කෙරේ.

හරිමග සංවිධානයේ සාමාජික රුවන් කුමාරතුංගගේ උපදෙස් පරිදි ආර්එස්ඩී ඉන්ටීරියර්ස් (පුද්ගලික) සමාගම විසින් රු. 100,000 ක් පමණ වටිනා මෙම විෂබීජ නාශක කුටිය නිර්මාණය කර ඇත.

මෙම අවස්ථාවට හරිමග සංවිධානයේ  සභාපති කනිෂ්ක ද සිල්වා, ආර්එස්ඩී ඉන්ටීරියර්ස් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් කුමාරතුංග, හරිමග සංවිධානයේ  සාමාජිකයින් සහ අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වූහ.