සී/ස හේලීස් කන්සියුමර් ප්‍රඩක්ට්ස් ආයතනය විසින් රු. මිලියන 2 ක් වටිනා භාණ්ඩ ත්‍රිවිධ හමුදාවට ප්‍රදානය කරයි

මැයි 20, 2020

සීමා සහිත  හේලීස් කන්සියුමර් ප්‍රඩක්ට්ස්  ආයතනය  විසින් රැවුල බාන රේසර්  30,000 ක් සහ රුපියල්  මිලියන 2 ක් වටිනා අනෙකුත් පාරිභෝගික නිෂ්පාදන තොගයක් COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට හා ත්‍රිවිධ හමුදාවට  බෙදා හැරීම සදහා පරිත්‍යාග කළේය.

ආරක්ෂක අමාත්‍යාංශයට ලැබුණු මෙම පරිත්‍යාගය අද (මැයි 20) දින පෙරවරුවේ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න  විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ   වෙත භාර දෙන ලදී.

සී/ස හේලීස් කන්සියුමර් ප්‍රඩක්ට්ස්හි අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හැලබආරච්චිගේ පවසන පරිදි, මෙම තීරණාත්මක අවස්ථාවේදී  ආරක්ෂක හමුදාවන්ට කෘතඥතාවය පළ කිරීම සහ දිළිදු ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා වූ ඔවුන්ගේ ආයතනික වැඩසටහනේ කොටසක් ලෙස මෙම පරිත්‍යාගය සිදු කර තිබේ.

මෙම අවස්ථාවට සී/ස හේලීස් කන්සියුමර් ප්‍රඩක්ට්ස්හි ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ වසබ ජයසේකර,  සී/ස හේලීස් කන්සියුමර් ප්‍රඩක්ට්ස්හි අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හැලබආරච්චිගේ සහ  සී/ස හේලීස් කන්සියුමර් ප්‍රඩක්ට්ස්හි අලෙවි කළමනාකරු කසුන් නානායක්කාර යන අය සහභාගී වූහ.