‘COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල’ ,‘ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල’ ලෙස නම් කරයි - ජනාධිපති මාධ්‍ය අංශය

මැයි 21, 2020

ජනාධිපති ගෝඨාභය රජපක්ෂ විසින් පිහිටුවන ලද ‘COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල’, ‘ඉටුකම - COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල’ ලෙස නම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපතිවරයාගේ ‘COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල’ සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ‘ඉටුකම’ මාධ්‍ය ව්‍යාපාරය දියත් කරන ලදී. ඒ අනුව අරමුදලට මේ වන විට රු. මිලියන 1,128 ක මුදලක් ලංකා බැංකුවේ  ආයතනික ශාඛාවේ විශේෂ ගිණුමක්  (85737373) මගින් පවත්වාගෙන යනු ලැබේ.

පරිත්‍යාග, බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර ඇති අතර චෙක්පත් / විදුලි පණිවුඩ මගින් තැන්පතු කළ හැකිය.