දකුණු මුහුදේ ධීවර කටයුතු වල යෙදෙන ධීවරයින් සුපරීක්ෂාකාරී වන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

මැයි 22, 2020

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අද (22) දින  උදෑසන සමුද්‍ර කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් දකුණු වෙරළ තීරයේ, ගාල්ල සිට පොතුවිල් දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදේ ක්‍රියාත්මක වන නාවික හා ධීවර ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටියේ  සුළං වේගය පැයට කිලෝමීටර් 60 සිට 65  දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකි බැවින් සුපරීක්ෂාකාරී වන ලෙසයි.

එලෙසම දකුණු මුහුද තීරයේ පුත්තලම් සිට හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශ කිහිපයක  වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සදහන් කර තිබුණි .

මේ අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට සුළං වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර  තාවකාලිකව ඉහළ යන තද සුළං සහිත ඉතා රළු මුහුදක් අපේක්ෂා කළ හැකිය.