යුද හමුදාව ගංවතුර සහන කටයුතුවල නිරත වේ

මැයි 22, 2020

රට තුළ ඇතිවූ  තිබෙන  කොරෝනා  වෛරස් වසංගතය සඳහා වූ ඔවුන්ගේ දායකත්වයට අමතරව, දිවයින පුරා ගංවතුර හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමට ශ්‍රී ලංකා යුද  හමුදා භට පිරිස්  පියවර ගෙන තිබේ.

සහන සේවා ලබාදෙන්නේ යුද හමුදාවේ හමුදාමය නොවන භූමිකාවන් ලෙස හා  සිවිල් ප්‍රජාවන්ට හමුදා සහය  ලබාදීම පුළුල් කිරීමේ පියවරක් ලෙස ය.

මැයි 18  දින සිට ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග නැවත ජන ජීවිතය යථා තත්වයට පත්විමට අයහපත් කාලගුණය සමග  ඇද වැටුණු අධික මහත් බාධාවක් වී ඇත.

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 16 ක හදිසි ගංවතුර හා නායයෑම් සිදුවිය.

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ 11 වන සේනාංකයට අනුයුක්ත 111 වන බලසේනා යටතේ සේවය කරන 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හමුදා භට පිරිස් බදාදා (20) දින  ගම්පොළ  ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ගම්වැසියන්ට සහන ආධාර ලබා දුන්හ.

මේ අතර, සහන සේවා කටයුතුවල නියැලී සිටින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සේවකයින්ට ද භට පිරිස් සහාය විය.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කිර්ති කොස්තා,11 වන සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර සහ 111 වන බලසේනාවේ බලසේනාධිපති යන අයගේ අධීක්ෂණය යටතේ 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීගේ සම්බන්ධීකරණයෙන් සහන සැලසීමේ කටයුතු සිදු විය.

ධාරානිපාත වර්ෂාපතනයත් සමඟ කෑගල්ල ප්‍රදේශයේ නිවසකට  අසල තිබු පස් කන්දක් කඩාවැටි එම නිවසේ සිටි කාන්තාවක් සුන්බුන් අතර සීරවී ඇති අතර ඇයගේ මළ සිරුර,  බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 611 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්  විසින් සොයාගනු ලැබීය.

මේ අතර , සුළි සුළං තත්ත්වයත් සමඟ නිවෙස් හා ඒ අවට පිරිසිදු කිරීමට හා ප්‍රධාන මාර්ගවලට කඩා වැටුණු ගස් ඉවත් කිරීමට බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් මාතර ප්‍රදේශයේ පිහිටි 613 වන බලසේනා බලප්‍රදේශයේ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් ඉරිදා (17) දින සහාය වූහ.

මීට අමතරව, 613 බලසේනාවේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය  ප්‍රදේශයේ  හානියට පත් නිවාස 34 ක් අළුත්වැඩියා කිරීමට භට පිරිස් සහාය ලබා දුන්නේය.