රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 260 දෙනෙකු මෙරටට පැමිණේ

මැයි 23, 2020

කොරෝනා වසංගතය හේතුවෙන් රුසියාවේ මොස්කව්හි අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් ඊයේ (මැයි 22) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ ඇත.

ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.

තවද මෙම පිරිස මෙරටට පැමිණි පසු විෂබිජහරණයට සහ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇත.