නාවික හමුදා සාමාජිකයින් 283 දෙනෙකු කොරෝනා ආසාදිතව සිට සුවය ලබා ඇත

මැයි 23, 2020

කොරෝනා වෛරසය ආසාදනයවී සිටි ශ්‍රී ලංකා නාවික හමුදා සොල්දාදුවන් දෙසිය අසූ තුන්දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ වන විට නාවික හමුදා භටයන් 607 දෙනෙකුට  කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව හඳුනාගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍යට අනුව, රෝහල්වලින් පිටව ගිය සියලුම නැවියන් සෞඛ්‍ය ආරක්ෂණ රෙගුලාසිවලට අනුකූලව තවත් දින 14 ක් නිරෝධායනයට ලක් කෙරේ.