COVID-19 ට එරෙහි ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙල ඉන්දියානු අගමැතිවරයාගේ පැසසුමට

මැයි 23, 2020

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව COVID-19 සමඟ සාර්ථකව සටන් කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමන් පවසයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සාහය පැසසුමට ලක් කරමින් ගෝඨාභය  රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් සපයන ලද නායකත්වය වෙනුවෙන් ජනපතිතුමන්ට ප්‍රශංසා කලේය.

අද (මැයි 23)දින ගෝඨාභය  රාජපක්ෂ ජනාධිපතිතුමන් සමඟ සිදු කළ දුරකථන සංවාදයකින් පසුව අගමැති මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

වසංගතය සහ එමගින් ඇති වන ආර්ථික බලපෑම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉන්දියාවේ සමීපතම  අසල්වැසියා වෙනුවෙන් සහාය දැක්වීම සදහා ඉන්දියාව කැපවී කටයුතු කරන බවට අග්‍රාමාත්‍යවරයා විසින් සහතික විය.

“ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආධාර මත සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති වේගවත් කිරීමටත්, ආයෝජන සම්බන්ධතා ශක්තිමත් කිරීමටත් අපි එකඟ වුණා ”යැයි මෝදි අගමැතිතුමන් සිය ට්විටර් පණිවිඩයේ සදහන් කර තිබේ