අද දින කොරෝනා වෛරසය ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වේ

මැයි 23, 2020

අද (මැයි 23) දින වාර්තා වූ රෝගීන් 17 දෙනෙකුද සමග මුළු කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1085 දක්වා ඉහල යයි

මොවුන් අතරින්  පුද්ගලයින් 15 දෙනෙකු කන්දකාඩු සහ මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනයට ලක්වෙමින් සිටි  ශ්‍රී ලංකා නාවික හමුදා භටයන් ලෙස හඳුනාගෙන ඇත.

මේ අතර, රෝහල් ගත කර ඇති කොරෝනා වෛරසය ආසාදිතයින් රෝගීන් 416 ක් ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.