පානදුර මූලික රෝහල සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව triage මධ්‍යස්ථානයක් ඉදිකරයි

මැයි 28, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පානදුර මූලික රෝහලේ ඉදිකරන ලද කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේ පළමු ‘Triage Center’ අද (මැයි 28) දින විවෘත කරන ලදී.

මෙම ඉදිකිරීම් කටයුතු සඳහා අරමුදල් සපයන ලද්දේ එසුෆලි ෆැමිලි සහ හේමාස් හෝල්ඩින්ග්ස් (පුද්) Esufally Family and Hemas Holdings (Pvt)  සමාගම විසිනි.

Triage යනු රෝගීන්ගේ ප්‍රතිකාරවල ප්‍රමුඛතාවය ඔවුන්ගේ තත්වයේ බරපතලකම ප්‍රතිකාර සමඟ හෝ නොමැතිව  සුවය ලැබීමේ සම්භාවිතාව අනුව තීරණය කිරීමේ ක්‍රියාවලියයි.

සම්පත් බහුල ලෙස නොමැති විට මෙය රෝගියාගේ ප්‍රතිකාර සඳහා කාර්යක්ෂමව ප්‍රමුඛතාවය දෙයි. මෙම ක්‍රමය හදිසි ප්‍රතිකාර, හදිසි ප්‍රවාහනය හෝ රෝගියාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාරවල ප්‍රමුඛතාවය තීරණය කිරීමට උපකාරී වේ

සමාරම්භක උළෙලසදහා  හේමාස් හොස්පිට්ල්ස් (පුද්) සමාගමේ සහ හේමාස් ෆාමසියුටිකල්ස් (පුද්ගලික) සමාගමේ සභාපති අවන්ති එසුෆලි සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සහභාගී වූහ.

COVID -19 ට එරෙහි ගුවන් හමුදාවේ මානුෂීය ආධාර සැපයීමේ වැඩ සටහන් වල ඉදිරි පියවරක් ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස්ගේ නියෝගය මත මැයි 13 වන දින මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.