කොරෝනා වෛරසයෙන් නැවියන් 411 ක් සුවය ලබයි

ජුනි 02, 2020

කොරෝනා වෛරස් ආසාදිතව සිටි  නැවියන් 411 දෙනෙකු සඳුදා (ජූනි 1) දින වන විට සුවය ලබා  රෝහල්වලින් පිටව ගොස් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

කොරෝනා වෛරස් ආසාදිත බවට තහවුරු වූ  මුළු නැවියන්ගේ සංඛ්‍යාව 754 ක් බව වාර්තා වන අතර නැවියන් 343 ක් තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබති.

මේ අතර, පසුගිය පැය 24 තුළ නැවියන් සිව් දෙනෙකුට  වෛරසය ආසාදනය වී ඇත.