සිංගප්පූරුවේ අතරමං වූ ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු දිවයිනට

ජුනි 03, 2020

සිංගප්පූරුවේ සිට ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු රැගත් යූඑල් 303 ශ්‍රී ලංකන් ගුවන් යානය ඊයේ (ජූනි 2) දින සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේය.

දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා පිටත්ව යාමට පෙර ආපසු පැමිණි සියලු දෙනා සහ ඔවුන්ගේ බඩු බාහිරාදිය ගුවන් තොටුපල බලධාරීන් විසින් විෂබීජහරණය කර ඇති බව  ගුවන්තොටුපල රාජකාරි කළමනාකරු චානක විජේරත්න defence.lk වෙත පැවසීය.