තවත් නැවියන් පිරිසක් සුවය ලබා රෝහල් වලින් පිටව යයි

ජුනි 03, 2020

බදාදා (ජූනි 3) දින නිකුත් කරන ලද වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්  418 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අතර, පසුගිය පැය 24 තුල හදුනාගත් තවත් රෝගීන් 7 දෙනෙකුද සමග මුළු කොරෝනා වෛරසය ආසාදිත නැවියන් සංඛ්‍යාව 763 දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව වෛරසය ආසාදිත තවත් නැවියන් 345 දෙනෙකු රෝහල්හි ප්‍රථිකාර ලබා ගනිමින් සිටී.