කාලගුණ අනාවැකිය

ජුලි 18, 2019

තද සුළං සහ අධික වර්ෂාපතනය අඛණ්ඩව පවතිනු ඇත.

දිවයින තුල ඇතිවූ කාලගුණික තත්ත්වයේ හදිසි වෙනස් වීම තවදුරටත් අඛණ්ඩව පැවතීමට ඉඩ තිබේ. අද (ජූලි 18) දින දහවල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද කාලගුණ අනාවැකි වලට අනුව, පවතින වැසි සහ සුළං තත්ත්වය දිවයිනේ නිරිතදිග මධ්‍යම කඳුකර ප්‍රදේශයේ අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද වයඹ, බටහිර නිරිතදිග හා දකුණු මුහුදු ප්‍රදේශවල මෙම තත්වය සෙනසුරාදා (ජූලි 20) දින දක්වා පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වළාකුළු පිරි අහසක් අපේක්ෂා කළ හැකිය.

විශේෂයෙන් බටහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල තද සුළං අපේක්ෂා කළ හැකිය.

සබරගමුව, මධ්‍යම, බටහිර, දකුණු හා වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම සහ සබරගමුව පළාත්වල සහ කළුතර, ගාල්ල, කොළඹ, ගම්පහ සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. සැටලයිට් ඡයරූපවලට අනුව දිවයින පුරා අහස තද වලාකුළු වලින් වැසී ඇත.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් ගංවතුර හා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, කළුතර, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මුහුදු ප්‍රදේශවල අධික සුළං තත්ත්වය නිසා ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස ධීවර ප්‍රජාවට අවවාද කර ඇති අතර සුළගේ වේගය විටින් විට කිලෝමීටර 70-80 අතර වේගයකින් හමා එනු ඇතැයි අපේක්ෂා කෙරේ. පුත්තලම සිට හම්බන්තොට දක්වාත් කොළඹ සහ ගාල්ල ප්‍රදේශවල වෙරළබඩ ජීවත්වන ජනතාවට මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින් ප්‍රවේශම් වන ලෙස දැනුවත් කර ඇත. ස්වාභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ උපදෙස් අනුව මුහුදු රළ මීටර් 2.5 සිට මීටර් 3.5 දක්වා ඉහළ යා හැකිය