කොරෝනා වෛරස් දෙවන රැල්ලකට අවස්ථාවක් නැත - ආරක්ෂක ලේකම්

ජුනි 11, 2020

කොරෝනා වෛරස් පැතිරීම පාලනය කිරීම සඳහා ආරක්ෂක හමුදා, පොලීසිය සහ සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගේ කැපවීම අගය කරමින් රට තුළ වසංගතයේ දෙවන රැල්ලක් ඇති නොවනු ඇතැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අපේක්ෂා කරයි.

"අපගේ ආරක්ෂක හමුදා, පොලීසිය සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ නොසැලෙන කැපවීමට ස්තූතිවන්නට , පසුගිය දින 40 තුළ එකදු  කොරෝනා වෛරස් ආසාදිත රෝගියෙකු ප්‍රජාවෙන් වාර්තා වී නැත. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ  නායකත්වය යටතේ, අපි වෛරසය පාලනය කිරීම සඳහා ඵලදායී යාන්ත්‍රණයක් භාවිතා කර ඇති අතර, අපගේ සොල්දාදුවන් පොලිස් සහ සෞඛ්‍ය නිලධාරීන් සමඟ අනාගතයේ දී ද එම යාන්ත්‍රණයම දිගටම ක්‍රියාත්මක කරනු ඇත. එබැවින් වසංගතයේ දෙවන රැල්ලක් ඇති නොවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි"  මේජර් ජෙනරාල් ගුණරත්න බදාදා (10) දින  බත්තරමුල්ල පිහිටි ආරක්ෂක මූලස්ථානයට ගිය අවස්ථාවේ දී මාධ්‍ය අමතමින් පැවසීය.

දෙවන රැල්ලක තර්ජනයක් ඇති වුවද හමුදාව , පොලීසිය සහ සෞඛ්‍ය සේවකයින් මෙම තත්වයට ඵලදායී ලෙස මුහුණ දෙන බව ඔහු පැවසීය.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න,  ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නිපදවන ලද වෛද්‍ය නිෂ්පාදන නිරීක්ෂණ කිරිම සඳහා බත්තරමුල්ල පිහිටි ආරක්ෂක මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය. මෙම නව නිපැයුම් COVID පැතිරීම පාලනය කිරීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම  මත, යුධ හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන අංශය සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ අංශය විසින් සිදු කරන ලදි.

එම වෛද්‍ය නවෝත්පාදන 29 කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කරන ලදී. ඒවා නම් පාරජම්බුල සී ව්‍යාපෘතිය (Ultraviolet C Project), වෛද්‍ය ව්‍යාපෘතිය (වාතාශ්‍රය) (Medical Project Ventilators) සහ විෂබීජ නාශක උපකරණ (ව්‍යාපෘතිය) (Disinfection Equipment Project) වේ. එක්සත් රාජධානියේ ඖෂධ හා සෞඛ්‍ය නිෂ්පාදන නියාමන සමාගම සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පර්යේෂණ හා නවෝත්පාදන සංගමය විසින් මෙම නවෝත්පාදන උපකරණ භාවිතයට සුදුසු යැයි ප්‍රකාශයට පත් කිරීමට පෙර අදෘශ්‍යමාන ආලෝක කිරණ සහිත මෙම පාරජම්බුල සී (යූවීසී), යුද නවෝත්පාදනයන්ගේ බලශක්ති හා පාරිසරික සේවා සහතිකය, ජාතික මූලික අධ්‍යයන ආයතනය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බැක්ටීරියා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කර ඇත.

පර්යේෂණ හා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඩී.බී. ප්‍රසාද් අකුරන්තිලක සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ අංශයේ අධ්‍යක්ෂ  බ්‍රිගේඩියර්  ඉන්දු සමරකෝන්ගේ  අධීක්ෂණයෙන් යුක්තව නිපදවන ලද මෙම උපකරණ නිරීක්ෂණය කිරීමෙන් පසු, ආරක්ෂක ලේකම් විසින් සංකේතාත්මකව යුද හමුදා ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් ආදීප තිලකරත්න, සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් හිරෝෂ වනිගසේකර සහ යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් කේ. පී. එන්. පතිරණ වෙත භාර දෙන ලදී.

මේජර් ජෙනරාල් ගුණරත්න නව නිපැයුම්කරුවන් සමඟ සුහද කතා බහක නිරත වූ  අතර, කාලානුරූපීව අවශ්‍ය නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් දැක්වීම පිළිබඳව ඔවුන්ගේ උත්සාහය අගය කළේය.