වෛරසය ආසාදිත රටවලින් සරණාගතයින් පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව දැඩි අවධානයෙන්

ජුනි 16, 2020

නව කොරෝනා වෛරස් වසංගතය ආරම්භයේ සිටම වෛරසය බලපෑ රටවලින් සරණාගතයින් පැමිණීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව  රට පුරා විශේෂ මුහුදු මෙහෙයුම් ගණනාවක් දියත් කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර අද (16) දින  පැවසීය.

ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික  හමුදාව පියවර කිහිපයක් ගෙන ඇති බව ඔහු පැවසීය.

“සියලුම වරායවල් සහ ගුවන්තොටුපළවල් හරහා මගින් පැමිණීම නැවැත්වීමට රජය තීරණය කළ අවස්ථාවේ විදේශ රටවලින් මෙවැනි නීතිවිරෝධී සංක්‍රමණිකයින් පැමිණීම වැළැක්වීම සඳහා අප අපගේ මුහුදු මෙහෙයුම් දැඩි කළේය”. ඔහු පැවසුවේය.

සුරියබණ්ඩාර අනුව, මුහුදේ මෙහෙයුම් සිදු කරනු ලැබුවේ සියලු අභ්‍යන්තර හා පිටත මගීන්ගේ පැමිණීම තහනම් කර ඇති වකවානුවක වන අතර, එම නිසා නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග හරහා අනවසරයෙන් ඇතුළුවීමේ හැකියාව වැඩි විය හැකිය.

ධීවරයන් වැඩි වශයෙන්  දක්නට ලැබෙන දිවයිනේ උතුරු හා වයඹ දෙසින් පිහිටි මුහුද ඔස්සේ ශ්‍රී ලංකා නාවික  හමුදාව සිය මුහුදු මෙහෙයුම් හිතාමතාම ශක්තිමත් කර ඇති අතර ධීවරයන් ලෙස හැසිරෙමින්  ජාවාරම්කරුවන්ට ජාවාරම්වලට යෙදිය හැකි  වීම වාසියක් වනු ඇත.

“නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් පරිදි, රට තුළට මිනිස් හා මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරම් පිළිබඳව ද සුපරීක්ෂාකාරී වීම සදහා නාවික හමුදාව දිවයින  අවට මුහුදේ පමණක් නොව ජාත්‍යන්තර මුහුදේද  ද ස්ථානගත කර ඇත”. ඔහු අවධාරණය කළේය.

නීතිවිරෝධී පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන මෙහෙයුම් සඳහා ශ්‍රී  ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය සිය පූර්ණ සහයෝගය ලබා දුන් බව ඔහු පැවසීය.

“විශේෂයෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය නිරීක්ෂණ  ගුවන් යානා යෙදවීමෙන් නාවික මුහුදු ක්‍රියාන්විතයන් සම්න්ධිකරණය සදහා  අපට සහාය ලබා දී ඇත”. ඔහු පැවසුවේය.

සුරියබණ්ඩාර පවසා  සිටියේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරීක්ෂණ ගුවන් යානා යෙදවීම කිසියම් නිශ්චිත විදේශීය රාජ්‍යයක් ඉලක්ක කර ගත් දෙයක් නොවන බවත්, එය හුදෙක් විවිධ නීතිවිරෝධී  උත්සාහයන් වළක්වාලීමට බවත්ය.