සියලුම යාන්ත්‍රික කියත් සඳහා පෙබරවාරී 28 වැනිදාට පෙර ලියාපදිංචි සහතිකයක් ලබා ගත යුතුය

පෙබරවාරි 15, 2019

ආරක්ෂක අමාත්‍යංශය

විශේෂ නිවේදනයයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදි සමාජවාදි ජනරජයේ ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය

අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නියෝගය පරිදි,

අනවසර ගස් කැපිම නිසා සිදුවන වන විනාශය වැලැක්විමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යංශය විසින් ගනු ලැබු තීන්දුවක් ප්‍රකාරව,

දිවයිනේ දැනට පෞද්ගලික හෝ රාජ්‍ය අංශයට අයත්ව භාවිත කරමින් සිටින

සියලුම යාන්ත්‍රික කියත් (Chainsaw Mashines) සදහා

2019 ක්වු පෙබරවාරි මස 20 වන දින සිට පෙබරවාරි මස 28 දින දක්වා කාලය තුළ

ළගම ඇති පොලිස් ස්ථානය වෙත ගෙනවිත් ඉදිරිපත් කර

ලියාපදිංචි බලපත්‍රයක් ලබා ගත යුතු බව

මෙයින් දන්වා සිටිමි.

ලේකම්,

ආරක්ෂක අමාත්‍යංශය

2019 ක් වු පෙබරවාරි 15 දින දි ය

 

 

 

 

විශේෂ නිවේදනය

සියලුම යාන්ත්‍රික කියත් සඳහා පෙබරවාරී 28 වැනිදාට පෙර ලියාපදිංචි සහතිකයක් ලබා ගත යුතුය

ආරක්ෂක අමාත්‍ය, අති ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියෝගය පරිදි ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගනු ලැබූ තීරණයක් අනුව, මෙරට භාවිත කෙරෙන සියලුම යාන්ත්‍රික කියත් (chainsaw machines) ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරේ.

වන විනාශය පාලනය කිරීම යාන්ත්‍රික කියත් භාවිතයෙන් සිදුවන ජාවාරම් නතර කිරීම සහ ගස් කැපීම නියාමනය කිරීම මෙහි අරමුණයි.

ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකව භාවිතා කරන සියලුම යාන්ත්‍රික කියත්, ළගම ඇති පොලිස් ස්ථානය වෙත ගෙනවිත් ඉදිරිපත් කර ලියාපදිංචි බලපත්‍රයක් ලබා ගත යුතු වේ.

එම ලියා පදිංචි කිරීම් පෙබරවාරී 20 වැනිදා ආරම්භ කරන අතර සියලුම ලියාපදිංචි කටයුතු පෙබරවාරී 28 වැනිදා වන විට අවසන් කළ යුතුය.

අදාල ලියා පදිංචියෙන් පසු, හඳුනා ගැනීම සඳහා විශේෂ බලපත්‍රයක් හා අංක තහඩුවක් නිකුත් කිරීමට ද නියමිතය.

අවශ්‍ය උපදෙස් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇත.

මේ සම්බන්ධයෙන් සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කෙරේ.

ලේකම්
ආරක්ෂක අමාත්‍යංශය
2019.02.15