බෙලරූස් හා ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

ජුනි 28, 2020

බෙලරූස්  සිට ශ්‍රී ලාංකිකයින් 290 ක් හා ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් 51 දෙනෙකු අද(28) දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 1206 හා  UL 226  ගුවන් යානා මගින්  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපල රාජකාරි කළමණාකරු ජනිත් විදානපතිරණ පැවසීය .

මෙලෙස පැමිණි පිරිස දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා පිටත්ව යාමට පෙර වෛද්‍ය පරීක්ෂණයට  භාජනය කළ බව ගුවන් තොටුපල රාජකාරි කළමණාකරු විදානපතිරණ තහවුරු කළේය.