අපේ කාලයේ රණවිරුවෙක්

ජුලි 14, 2020

6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ගාමිණි කුලරත්න රණවිරුවා මීට වසර විසි නවයකට පෙර අප මව්බිම වෙනුවෙන් උත්තරීතර පරිත්‍යාගයක් සිදු කරමින් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සහිත එල්ටීටීඊ බුල්ඩෝසරයක් අලිමංකඩ යුද හමුදා කදවුරට කඩා වැදීම වැළැක්වීය.
 

 

1991 ජූලි 14 එම අවාසනාවන්ත දිනය විය.

හසලක වීරයා ලෙසද හැඳින්වෙන කෝප්‍රල් ගාමිණි කුලරත්න සිහිකරමින් ඉදිකර ඇති ස්මාරකය ඔහු විසින් විනාශ කළ බුල්ඩෝසරයේ කොටස්ද සමගින් අලිමංකඩ පිහිටා ඇත.

 

ඔහුගේ සැබෑ වීරත්වය සහ ධෛර්ය සංකේතවත් කරමින් අභාවප්‍රාප්ත කෝප්‍රල් කුලරත්න මෙම නිර්භීත ක්‍රියාව වෙනුවෙන් පුද කල හැකි ඉහලම හමුදා සම්මානය වන 'පරම වීර විභූෂණය' (පීඩබ්ලිව්වී) සම්මානයෙන් පිදුම් ලැබීය.

 

1966 වර්ෂයේදී සහෝදරයන් හතර දෙනෙකුගෙන් සහ සහෝදරියකගෙන් යුත් පවුලක දෙවන පිරිමි දරුවා ලෙස කෝප්‍රල් කුලරත්න උපත ලැබීය.

හසලක රණසිංහ ප්‍රේමදාස මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇති ඔහු 1987 වර්ෂයේ ශ්‍රී  ලංකා යුද්ධ හමුදාවේ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ඇතුලත් වී ඇත.

කෝප්‍රල් කුලරත්න එම අවාසනාවන්ත දිනයේදී අලිමංකඩ යුද හමුදා කඳවුරට කඩාවැදීමට  උත්සාහ කල පුපුරණ ද්‍රව්‍ය පුරවා තිබු LTTE යේ බුල්ඩෝසරයට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එම උත්සාහය වලක්වාලමින් සිය ජීවිතය පුජා කරන ලදී.

LTTE කැරැල්ල අතරතුර අලිමංකඩ හමුදා කඳවුර උපාය මාර්ගික වශයෙන් වැදගත්  ස්ථානයක් වූ නිසා යාපනය අර්ධද්වීපයේ පාලනය තහවුරු කිරීම සඳහා අලිමංකඩ එල්ටීටීඊයේ  ඉලක්කයක් විය.

එම තීරණාත්මක රාත්‍රියේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් 5,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකා යුද හමුදා කදවුර වටලනු ලැබීය. යුද්ධ හමුදාවට අනුව අලිමංකඩ කඳවුරේ සිට ඇත්තේ සෙබළුන් 600 ක් පමණි.

 

සවස් යාමයේදී යුධ හමුදා ආරක්ෂක වළල්ල බිඳ දැමීම සඳහා නව උපක්‍රමයක් වශයෙන්  ත්‍රස්තවාදීන් කැටපිලර් බුල්ඩෝසරයක්, සන්නද්ධ සටන් රථයක් බවට පරිවර්තනය කර  භාවිතා කළහ. බුල්ඩෝසරය මත සවි කර තිබූ බර අවි වලින් පහර දුන් අතර එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සෙමෙන් ඉදිරියට ගොස් බංකරයක් කුඩුපට්ටම් කර අවසානයේ බුල්ඩෝසරය විසින් ඉදිරි ආරක්ෂක වළල්ල බිද දැමුවේය.

 

 

බුල්ඩෝසරය කඳවුරට ඇතුළු වූවහොත්  ඔහුට  හෝ ඔහුගේ කඳවුරට තවත් දිනක් හෝ  සතුරන් සමග සටන් කිරීමට නොහැකි බව ඒ වන විට කෝප්‍රල් කුලරත්න තේරුම් ගෙන තිබුණි. මේ සමඟ ඔහු යුධ හමුදාවේ ඉදිරි ආරක්ෂක වළල්ල හරහා  සතුරු ප්‍රදේශයට සතුරු වෙඩි  වරුසාව අස්සෙන් දිව ගියේය.

 

සතුරා ඉදිරියට ඒම වළකමින් කෝප්‍රල් කුලරත්න සිය ටී -56 අවියෙන් ත්‍රස්තවාදීන් සමඟ දිගින් දිගටම සටන් වැදිණි.

 

එල්ටීටීඊයේ සන්නද්ධ බුල්ඩෝසරය

 

ඔහු එල්ටීටීඊයේ සන්නද්ධ බුල්ඩෝසරයේ පිටුපසින් ගොස්  එහි ඉණිමඟ නැග සන්නද්ධ බුල්ඩෝසරය තුලට  අත්බෝම්බ විසි කළේය.කෝප්‍රල්  කුලරත්න ජාතිය වෙනුවෙන් කරන ලද උත්තරීතර ජිවිත  පරිත්‍යාගය නිසා ත්‍රස්තවාදීන් සිව් දෙනෙකු ඝාතනය වූ අතර එල්ටීටීඊයේ ඩෝසරය නතර විය.

දැඩි කැපවීමෙන් රට තුල  උදාකරගත් සාමයේ මතකයන්  ලෙස හසලක රණ විරුවාගේ ස්මාරකය හා විනාශ කල බුල්ඩෝසරය තවමත් අලිමංකඩ ප්‍රධාන මාර්ගය අසල තේජසින් වැජබෙයි.

 

 

රණවිරු කෝප්‍රල් ගාමිණී කුලරත්න අනුස්මරණය - අලිමංකඩ